මහනුවර පදිංචි වයස 44 ක ශාන්ත කියන අවිවාහක පුද්ගලයගේ කකුලේ හැදෙනවා තුවාලයක්. අන්තිමට කකුල කපන්න නියම වෙනවා. කකුල හොද කරගන්න හිතන් ඔහු නිවසේ ඉදලා බේත් කරත් ඒකෙන් වෙන්නේ කකුල තවත් උඩින් කපන්න වෙන තරමටම තුවාලේ වැඩිවෙන එක.

කකුල කපලා ජීවත්වෙන්න බෑ මානසිකව වැටෙනවා. තමන්ගේ අම්මට ශාන්ත කියනවා මේ ප්‍රශ්නේ. කකුල නැතිව ජීවත්වෙන්න බෑ කියනවා. තමන්ට මැරෙන්න ඕනේ කියනවා.

අම්මට පුතාට කකුලක් දෙන්න විදිහක් නෑ. අම්මා තීරණය කරනවා පුතාගේ දුක අවසන් කරගන්න සිය දිවි නසා ගැනීමට උදව්වෙන්න. ඒ වයස අම්මා පුතාට උදව් වෙන්නේ තමනුත් සිය දිවි නසාගෙන.

මේ දෙන්නා පහුගිය සතියේ ගෙදර කුස්සිගේ එක තැන බෙල්ලේ වැළදාගෙන මැරෙනවා. දෙන්නගේ නරක් උනු සිරුරු ඊයේ(17) හම්බ වෙනවා.

ඒ එක්කම ලියුමක් හම්බවෙනවා. ලියුමේ තියෙනවා. කකුල නැතිව ජීවත්වෙන්න මට බෑ. අම්මට මම නැතිව ජීවත්වෙන්න බෑ. අපි දෙන්නම මැරෙනවා. මරණෙට ගන්න සල්ලි කාට හරි නෑයෙක්ට දෙන්න හිතුවත් සැක හිතයි කියලා දුන්නේ නෑ.

ගෙදර පුසොත් අපි එක්කම අරන් යන්න හැදුවත් ඒක හරි ගියේ නෑ. අවසන් ඉල්ලීමට ඉල්ලන්නේ ගෙදර ඉන්න පුසන්ව බලා ගන්න. අපිට දානේ එපා. ගෙදරක ඉතුරු වෙන කෑමවත් මේ පුසන්ට දෙන්න. උන්ට නිදහසේ ගෙදර ඉන්න දෙන්න ඒකයි අවසාන ඉල්ලීම.

අපිට ප්‍රශ්නයක් නොවනතාක් අපිට පුලුවන් ඒකට දාර්ශනික උත්තර දෙන්න ඒත් ඒදේට මුණ දීලම බලන්න ඕනේ ඒකේ දුෂ්කර බව.

කොහොම උනත් මරණය කිසිම දේකට හොදම විසදුම වෙන්නේ නෑ. මොකද මැරුනට පස්සේ අපි දන්නේ නෑ මොන විදිහේ දේකට අපි පත්වෙයිද කියලා. හැම දුකක්ම දැනෙන්නැතිව නින්දකට යනවා වගේ දෙයක් මරනෙකින් පස්සේ වෙනවනම් මරණය ප්‍රශ්න වලට හොද උත්තරයක්.

ඒත් ඒක එහෙම නොවී දැනුන දුකට වඩා දුකක් දැනෙන තත්වයකට පත් උනොත් මොකද කරන්න. මරනෙන් පස්සේ වෙන්නේ මොකක්ද හරියටම නොදැන ප්‍රශ්නයකට උත්තරේට මරණය තෝර ගන්න එක නුසුදුසු උත්තරයක් වෙන්නේ ඒ නිසා. ඉතිං කවදා හරි දවසක ප්‍රශන්යකට උත්තර විදිහට මරණය තෝරගන්න හිතුනොත් තේරුම් ගන්න ඔබ ඔය තෝරගත්ත විසදුම තවත් ප්‍රශ්න රාශියක ඇරඹුමක් වෙන්නත් පුලුවන් බව. අදාල ලිපිය පහතින්..

මහනුවර, මුල්ගම්පොල ප්‍රදේශයේදී ගෙළ වැලලාගෙන සියදිවි හානිකරගත් මවක සහ පුත්‍රයෙකුගේ සිරුරු ඊයේ (17) සවස සොයා ගැනුණා. සියදිවි හානිකරගත් පුත්‍රයා විසින් ලියන ලද ලිපියක් නිවසේ සාලයේ බිත්තියේ ගසා තිබියදී පොලිසියට හමුවී තිබෙනවා. මෙම දිවි නසා ගැනීම ඔවුන් විසින්ම සිදුකර ගන්නා බවට එහි සඳහන්ව ඇති බවයි පොලිසිය කියා සිටියේ.

එහි සඳහන් කර ඇත්තේ පාදයේ තිබූ තුවාලයක් සම්බන්ධයෙන් ඇතිවූ සිත් තැවුල්ලක් හේතුවෙන් තමන් සහ මව මෙලෙස සියදිවි හානිකරගත් බවයි. ” අම්මත් මමත් මේ ගමනට කැමැත්තෙන් එකතු උනේ. අම්මා නැතිව මට විනාඩියක්වත් ජීවත්වෙන්න බෑ” යනුවෙන් ලිපියෙහි වැඩිදුරටත් සදහන් කර තිබී ඇත.

මෙලෙස දිවි නසාගෙන ඇත්තේ දේවාලගෙ ලීලාවතී අවුරුදු 69 ක් වන කාන්තාවක් සහ දේවාලගේ ශාන්ත නැමති අවුරුදු 44 ක් වයසැති පුත්‍රයායි.

මෙම නිවස දෙසින් හෑමූ දුර්ගනධය නිසා අවට ගම්වාසීන් මව සහ පුතා මියගොස් ඇති බවට සැක නිසා පොලිසියට දැනුම් දී ඇති අතර පොලිසිය පැමිණ පරීක්ෂාකර බලන විටත් මෙම මළ සිරුරු නරක් වී දැඩි දුර්ගන්ධයක් හමමින් තිබූ බව සඳහන්.

ඔවුන් දෙදෙනා නිවසේ මුලුතැන්ගෙය තුල බාල්කයක ගැට ගැසූ සාරි පොටක ආදාරයෙන් එකම ස්ථානයේ ගෙළ වැලලාගෙන ඇති අතර මීට දින දෙකකට පමණ පෙර මෙය සිදුව ඇති බවටයි මුලික විමර්ශණවලදී හෙළිවී ඇත්තේ. මහනුවර පොලිසිය මේ සම්බන්ධයෙන් විමර්ශණ ආරම්භ කර තිබෙනවා.

Related Posts

අඩි 27 ක් දිග පිඹුරෙකුගේ කුසෙන් දෙදෙරු මවකගේ සිරුරක් එළියට ගනී – ඇඟ හිරිවැටෙන වීඩියෝව මෙන්න

කඳානේදී යතුරුපැදියක් දුම් රියේ ගැටී සිදුවූ අනතුරේ cctv දර්ශන – තත්පරයක් ඉවසන්න බැරි කමින් ජීවිතය අහිමි කර ගත් හැටි – කඳානම හැඬවූ යතුරුපැදි අනතුර .! (VIDEO)

කාගෙත් කතා බහට ලක් වූ යුරේනිගේ අමුතුම ෆොටෝ ෂූට් එක බලන්න දැක්කම ඔයාලට යුරේනි කන්න හිතෙයි

කුඩු වෙනුවට තමන්ගේ ඇඟ විකුණන අනුරාධපුර 23 හැවිරිදි සුරූපී තරුණිය කොටුවුණු හැටි

බංග්ලාදේශ ගණිකා නිවස්න කලාපයේ ලොවක් කැළඹූ ඡායාරූප එකතුව මෙන්න – Photos

දෙවැනි ඉනිමේ උදෙනියි චන්දිමාල්ගෙයි හුටපටේ මෙකද්ද? පැතිරෙන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

Comments

Reply comment

Your email address will not be published. Required fields are marked *