ඉරණවිල දස හැවිරිදි දරුවාගේ ඝාතකයා 06 හැවිරිදි දැරියකුත් දුෂනය කර මරා දමලා

රටම කම්පා කරමින් පසුගියදා හලාවත, ඉරණවිල ප්‍රදේශයේ 10 හැවිරිදි පිරිමි දරුවෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු මේ මස 08 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කළා. මේ අතර අදාල සැකකරු මීට පෙර 2003 වසරේදී ද වයස අවුරුදු හයක දැරියක් දූෂණය කර ඝාතනයකර ඇති බවට පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.

කෙසේ වෙතත් දැරියක් දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව පවරා තිබූ එම නඩුවෙන් නිදොස් කොට නිදහස් කර තිබෙනවා. ඒ එම නඩුවේ සාක්ෂි ලබා දීමට සිටි ඝාතනයට ලක්වූ දැරියගේ මව දුම්රියට පැන සියදිවි හානි කර ගැනීම හේතුවෙන්.

හලාවත ඉරණවිලලසමිදුගම අක්කර 40 පදිංචිව සිටි සුසිත් නිර්මාල් නමැති දරුවාව සැකකරු පසුගිය 25 වැනිදා පැහැර ගෙන ගොස් බරපතල ලෙස ලිංගික අපයෝජනයකට ලක් කර ඝාතනය කර තිබුණා. මෙසේ මියගොස්‌ ඇත්තේ හලාවත ඉරණවිල සමිඳුගම පදිංචිව සිටි සුසිත් නිර්මාල් නමැති 10 හැවිරිදි දරුවකුය. ඉරණවිල සාන්ත පීතර විද්‍යාලයේ ඉගෙනුම ලැබූ මියගිය දරුවා දරුවන් පස්‌දෙනකුගෙන් යුත් පවුලේ තුන්වැන්නාය. මියගිය සුසිත් දරුවාගේ පියා ධීවර රැකියාවේ නිරත වේ. මාස 06 ක පමණ අත දරුවකු ද සිටින නිසාවෙන් මව ද දරුවන්ගේ වැඩ කටයුතු බලා හදා ගනිමින් නිවසේ රැඳී සිටී. මියගිය දරුවාගේ ආච්චිඅම්මා ද එම නිවසේ ජීවත් වේ.

පවුලේ තිබෙන අගහිඟකම් හේතුවෙන් සුසිත් නිර්මාල් දරුවා නිවස ආසන්නයේ වෙළෙඳසලේ රැඳී සිටී. එම වෙළෙඳසලේ හිමිකරුවන් ඔහුගේ අධ්‍යාපන කටයුතුවලට උදවු පදව් කරන බව ප්‍රදේශවාසීහු කියා සිටිති. සිද්ධිය වු දින ඉරිදා දිනයක්‌ වූ හෙයින් සුසිත් වෙළෙඳසලේ රැඳී සිටියේය. දහවල් එම වෙළෙඳසලට පැමිණි පුද්ගලයකු ටික වේලාවක්‌ එහි රැඳී සිටිමින් දරුවාට ටොෆි කීපයක්‌ ලබා දී තිබේ. අනතුරුව එම පුද්ගලයා වෙළෙඳසලින් පිටව ගොස්‌ ඇති අතර දරුවා සුළු වෙලාවකට පසු ඔහුගේ නිවස දෙසට ගමන් කර තිබේ.

පැය කීපයකට පසු කඩොලාන කැලය දෙසට සැක සහිත පුද්ගලයා හා සුසිත් දරුවා යන අයුරු ඒ අසල නිවසක කාන්තාවක්‌ දැක තිබේ. එහෙත් එම කැලයට කුඩා ළමුන් ගිරව් අල්ලා ගැනීමට නිරන්තරයෙන් යන හෙයින් හා වැඩිමහල් පුද්ගලයන් දර කඩාගැනීමට යන නිසා මෙම සිදුවීම ගැන එම කාන්තාව අවධානයක්‌ යොමු කර නැත.

සවස්‌ වනවිට දරුවා ගැන සොයාබැලූ දැරවාගේ මව ඔහු නොමැති නිසා හලාවත පොලිසියට පැමිණිල්ලක්‌ කර තිබේ.25 දා රාත්‍රි කාලයේද දරුවා නිවසට නොපැමිණි හෙයින් ප්‍රදේශවාසීන් වෙළෙඳසලේ සවිකර තිබෙන ආරක්‌ෂිත කැමරා පද්ධතියේ සටහන්ව තිබෙන දර්ශන බලා තිබුණි. එහිදී දරුවා සමඟ කැලය දෙසට ගමන් කළ පුද්ගලයා දරුවාට ටොෆි දෙන පුද්ගලයා බවට සිද්ධිය දුටු කාන්තාව විසින් හඳුනාගෙන තිබේ.

පසුගිය 27 වනදා හලාවත, ඉරණවිල මුවපිටිය ප්‍රදේශයේ රක්ෂිතයක තිබී ඝාතනයට ලක් වූ දරුවාගේ සිරුර සොයා ගත්තා. අනතුරුව මුලතිව්, නයාරු ධීවර ගම්මානයේ සැඟව සිටියදී පසුගියදා (04) සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවේ ප්‍රදේශයට නාඳුනන පුද්ගලයෙකු පැමිණ ඇති බවට ලැබුණු තොරතුරකට අනුවයි. මේ අතර සැකකරු පෙරේදා(05) දිනයේදී හලාවත මහේස්ත්‍රාත් අධිකරණය වෙත ගෙන එන අවස්ථාවේ දස හැවිරිදි දරුවාගේ ඥාතීන් අධිකරණය අසල විරෝධතාවයක නිරත වුණා.

Related Posts

Author:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *