දුර්ලභ ගනයේ ලෙඩ රෝග වලට ගොදුරු වන පුද්ගලයින් පිලිබදව ‍ලෝකය පුරාම විවිධ තොරතුරු වාර්තා වේ. මෙවැනි දුර්ලභ රෝග නිසාම මෙවැනි රෝග සදහා වැය කලයුතු මුදලද ඉමහත්ය. මෙසේ දුර්ලභව හටගන්නා ඇතැම් රෝග සුව කල හැකි උනත් බොහෝ රෝග සුව කල නොහැකි වන අවස්ථාද ඇත. එවැනි අති දුර්ලභ රෝගයක් නිසා පීඩා විදින අපේම ලාංකික පවුලක් ගැනයි මේ.

12 හැවිරිදි දියණියකට සහ 3 හැවිරිදි පුතෙකුට වැළඳුනු අමුතු රෝගයක් නිසා වසරක පමණ සිට පීඩා විඳින පවුලක් පුවතක් පිළිබඳව තිස්සමහාරාමය ප්‍රදේශයෙන් වාර්තාවනවා. මීට වසරකට පෙර ඔවුන් ගේ ජීවිතයට අවාසනාවන්ත කාලයක් උදා වන්නේ සිය දොලොස් හැවිරිදි දෙව්මිනි නේත්‍රාන්ජලී දියණිය හට වැළඳුන මේ රෝගී තත්ත්වය නිසයි.

එනම් ශරීරයේ තැන් තැන් වල තුවාල කිසිවක් නොමැතිව රුධිරය ගලා ඒමයි. මෙම රෝගයෙන් වසරක් පමණ දියණිය පීඩා විඳි බවත් යා හැකි සියළුම තැන්වලට ගෙන ගිය බවත් ඇගේ මව වන සී.ජී. චතුරංගනී මහත්මිය කියා සිටියා. එලෙස වෛද්‍යවරුන් වෙත ගෙන ගිය මුත් මේ දැරියට කිසිඳු ලෙඩක් නැති බව පැවසූ බවද ඇය අප වෙත වැඩිදුරටත් කියා සිටියා.

මේ හේතුවෙන් දෙව්මිනි දියණියගේ පාසල් කටයුතු පවා අතරමග නවතා දැමීමට සිදුව තිබෙනවා. දියණියගේ මෙම රෝගී තත්ත්වය නිසා වැඩිපුර නිවාඩු ලබා ගැනීම හේතුවෙන් පොල් වෙළෙන්දෙකු ලඟ රැකියාව කරමින් සිට දියණියගේ පියාටද මේ වන විට රැකියාවද අහිමි වී ඇති බවයි අපට දැනගන්නට ලැබුණේ.

පසුව ඔහු එදිනෙදා කුළී වැඩක් කරමින් දරුවන් සහ පවුල රැකබලාගන්නා බවද චතුරංගනී මහත්මිය පැවසුවා.
කෙසේ වෙතත් කිසිවක් කර කියාගත නොහැකිව සිටින මේ පවුලේ තවත් ඇද වැටෙන්නේ මීට මාසයකට පෙර තුන් හැවිරිදි සසත් සුමිර පුතාටද මෙම රෝගය වැළඳී මෙම පවුල තවත් අසරණ කරමිනුයි. මේ පිළිබඳ වැඩිදුර තොරතුරු එම දරුවන් ගේ මව වන සී.ජී. චතුරංගනී මහත්මියගේ දුරකථන අංකය ඇමතීමෙන් දැනගත හැකියි.

හැකි අය සොයා බලා උදව් කරන්න. දුරකථනය- 0789923045 (හැකිතාක් ශෙයා කරන්න)

Related Posts

ළමුන් හා තරුණියන් හතළිස්දහසක් දූෂණය කරලා.. – හද කම්පා කරවන පුවත මෙන්න

අසූචි වලට බැහැලා හිර වුන ඒවා අතින් අරන් දමන රැකියාව කරන මිනිසුන්ගේ සංවේදී කථාව

කෙල්ලගෙ නංගි අම්මයි තුන්දෙනා එක්කම හිටියා-කෙල්ල මහන උනා-කොටිපති පුතා තිරිසනෙක් වෙච්ච හැටි

ජැක්සන් ඇන්තනිගේ දුව පෙම්වතා ගැන හෙලි කරයි – photos

හමුවුනු පළමු දවසේම රබර් වත්තකට ගිය ෆේස්බුක් පෙම්වතිය පෙම්වතා අතින් මරුට

නූපන් දරුවන් මරණ්නට දිරි දෙන ගබ්සා පෙති මෙන්න

Comments

Reply comment

Your email address will not be published. Required fields are marked *