කලහකාරී ගම්වැසියන් පිරිසක් ඉන්දුනීසියාවේ බටහිර පැපුවාහි පිහිටි රක්ෂිත භූමියක සිටි කිඹුලන් තුන්සියයකට ආසන්න ප්‍රමාණයක් මරාදමා තිඛෙන බවට විදෙස් මාධ්‍ය සදහන් කරනවා.

රක්ෂිත භූමියට ගිය ගම්වැසියෙක් කිඹුල් ප්‍රහාරයකින් මියයාම හේතුවෙන් අනෙකුත් ගම්වැසියන් පිරිසක් මේ ක්‍රියාවට සදහා යොමුව තිඛෙනවා.

තමන්ට ප්‍රහාරය වැළක්වීමට නොහැකිවූ බව පොලිසිය සහ බලධාරීන් පවසන අතර දැන් බොහෝ දෙනෙක් චෝදනාවට ලක්වී සිටින බවත් සදහන්.

ඉන්දුනීසියාවේ ආරක්ෂිත සත්ත්වයෙක් ලෙස නම්කර ඇති කිඹුලා මැරීම අපරාධයක්වන අතර, එරට නීතියට අනුව එසේ කළ පුද්ගලයෙකු දඩයකට හෝ සිරගත කිරීමකට යටත්කළ හැකි බවත් සදහන්.

රක්ෂිතයේ අභිජනන කළාපයේ ආහාරය සඳහා අමුද්‍රව්‍ය රැස්කරමින් සිටියදී ගැමියා කිඹුලාගේ ප්‍රහාරයට ලක්ව තිඛෙනවා.

ලවැඩ කරන කෙනෙක්ට කවුරු හරි උදව් ඉල්ලා කෑ ගසන හඬ ඇසී තිබුණා. අපි ක්ෂණිකව ඒ දෙසට ගියා. එවිට කිඹුලෙක් පුද්ගලයාට පහරදෙනු දුටුවාල ඉන්දුනීසියාවේ ස්වභාවික සම්පත් සංරක්ෂණ ආයතනයේ, බටහිර පැපුවාහි ප්‍රධානියා එලෙසින් පවසා තිඛෙනවා.

ප්‍රකෝපවූ ගැමියෝ සෙනසුරාදා (14) පැවති අවමංගල්‍යයෙන් පසුව තියුණු ආයුධ ඇතිව රක්ෂිතයට ඇතුළු වෙලා.

නිලධාරීන් උපුටා දක්වන ඉන්දුනීසියානු මාධ්‍ය, කලහකාරී පිරිස මුලින් කිඹුල් ගොවිපලේ කාර්යාලයට පහර දුන් බවත් පසුව රක්ෂිතයේ සිටි සියලුම කිඹුලන් (292 ක්) ඝාතනය කළ බවත් වාර්තා කරනවා.

මෙම ගොවිපොළ සංරක්ෂණ අරමුණු ඇතිව පවත්වාගෙන යන ලද කිඹුලන් බෝකිරීමේ බලපත්‍ර සහිත මධ්‍යස්ථානයක් බවත් සදහන්.

Related Posts

Related Posts

සෑම මිනිසෙකුටම බිරින්දෑ වරුන් 4 දෙනෙක් ඉන්නවලු බලන්න ඔබේ බිරින්දෑ වරුන් 4 කවුද කියලා

දරුවන් හතර දෙනෙක් එකවර බිහි කළ පින්බර අම්මා

ලෝකයම දන්න සද්ධන්ත නළුවා පුංචි කෙල්ලෙක් කරකාර බදියි

නින්දට පෙර රෝස පැහැති පෙත්තක් ලබාදී තම දියණියට කුලියාපිටියේ නරුම පියෙක් කල අපරාධය

විෂ ඝෝර සර්පයන් එක්ක සෙල්ලම් දාලා බුකිය පුදුමකළ ලන්කාවේ කෙල්ල

ඔබේ අතතෙත් මේ වගේ රේඛාවක් තියෙනවද? එහෙනම් දැන්ම බලන්න

Comments

Reply comment

Your email address will not be published. Required fields are marked *