“පළමු පෙම්වතා නෙමෙයි”
“දැන්ම විවාහයක් ගැන හිතන්නේ නැහැ”

දුෂේනි මියුරංගි කියන්නේ කා අතරත් ජනප්‍රිය යොවුන් රංගන ශිල්පිණියක්. ඇය පසුගිය වසරේ ‘miss world sri lanka’කිරුළ දිනා ගැනීමටද සමත්වුණා.

කෙසේ වෙතත් අනෙක් නළු නිළියන් මෙන් නොව රංගන ශිල්පිනියක් වෙන එක පුංචි කාලේ ඉදන් තිබුණු හීනයක් නොවූ බවයි ඇය පවසන්නේ. මේ සියළු තොරතුරු ඇය සති අන්ත පුවත් පතකට හෙළිකර තිබුණා. පහතින් එම සංවාදය දැක්වේ.

දුෂේනි ඔබ පසුගියදා ‘miss world sri lanka’කිරුළ දිනාගත්තා?
ඔව්. ගිය අවුරුද්දෙදී මට ඒ කිරුළ දිනාගන්න ලැබුණා.

හැබැයි සතුටක් වගේම දුකක් හිතේ තියෙනවා කියලා දැන ගන්න ලැබුණා. ඇත්තද ඒ කතාව?
ඔව්. ලොකු සතුටක් තියෙනවා.නමුත් චුටි දුකක් තියෙනවා. අද වනවිට ලංකාවේ පැජන්ට්ස් ඕන තරම් තියෙනවා.ඒක නිසා ලෝක රූ රැජින,විශ්ව රූ රැජින කියන ප්‍රධාන පැජන්ට්ස් දෙකට ලැබෙන්න ඕන අවධානයවත් අද ලැබෙන්නේ නැහැ.

ඔබට එදා ලැබෙන්න ඕන අවධානය ලැබුණේ නැහැ කියලද කියන්නේ ?
ඇත්තටම ඔව්. මිනිස්සුන්ගෙන් ලැබෙන්න ඕන වෙලාවේදී ඒ දේ ලැබුණේ නැහැ කියලා මම හිතන්නේ.

මේ තරගාවලියට ඔබව යවන්න ලොකුම උවමනාව තිබුණේ කාටද?
මගේ තාත්තට ලෝක රූ රැජින කියන්නේ ලෝකේ තියෙන ලොකුම පැජන්ට් එක. ඒක නිසා තාත්තට ඒ කාලේ ඉදන්ම ආසාවක් තිබුණා.ඒ දේ නිසාමයි මමත් සහභාගී වෙන්න තීරණය කළේ. ඒ වෙනුවෙන් මම මගේ කලා කටයුතු සියල්ලම නතර කළා.

කිරුළත් එක්ක ඔබට වගකීම් රැසක් ඉටු කරන්න ඇති නේද?
ඔව්. මගේ ව්‍යාපෘතිය විදියට මම කරන්නේ අඩු අදායම් ඇති ළමයින්ට සහ කාන්තාවන්ට සත්කාර කිරීම. තව ව්‍යාපෘතියක් මාර්තු මාසයේදී පටන් ගන්න නියමිතයි.

රංගන ශිල්පිනියක් වනවා කියන හීනය දුෂේනිට තිබුණේ නැහැ නේද?
ඔව්. පොඩි කාලේ ඉදන් එහෙම හීනයක් තිබුණේ නැහැ. හැබැයි අද වන විට මාව නිළියක් විදියට පිළිඅරගෙන තියෙනවා කියලා මම හිතනවා.

ගමේ ඉදන් කොලඹ ආව දුෂේනිට හරි ගියාද.. වැරදුනාද?
මම හිතන්නේ ඇත්තටම හරි ගියා. කොළඹ ආව එකෙන් හොඳක් වුණා. රංගන ක්ෂේත්‍රයට එනවා කියන්නෙත් එක්තරා පිනක්. මිනිසුන්ගේ ආදරේ කියන එක හැමෝටම ලැබෙන දෙයක් නෙමෙයි. ඒ විදිහට ආදරේ ලබන්න මටත් පිනක් තිබුණා. මගේ අධ්‍යාපන කටයුතුවල පොඩි මගහැරීමක් සිදු වුණා. මොකද මේ දේවල් එක්ක ඉන්න නිසා. හැබැයි මම දැන් ඒ දේවල් පුළුවන් වෙලාවට කරගෙන යනවා. ගමේ ඉදන් කොළඹ ආපු එකෙන් මගේ ජිවිතේ වෙනසක් වුණා.

ක්ෂේත්‍රයට එන අලුත් නිළියන්ට වැඩි කලක් යන්න කලින් ගොසිප් කියන දේවල් හැදෙනවා. දුෂේනිටත් එවැනි අත්දැකීම් ඇති නේද?
මං ගැන ගොසිප් හැදිලා නැහැ. මම ගොසිප්වලට මගේ නම ගාවගන්න කැමති නැහැ.

දුෂේනි පෙම්වතියක් කියන කතාව නොරහසක්. දැන් ඉන්න පෙම්වතා දුෂෙනි ගේ කීවෙනි පෙම්වතාද ?
පළමු පෙම්වතා නෙමෙයි.

ආදරයක් ලැබිලා තියෙන මොහොතේ විවාහය ගැන හිතුවේ නැද්ද?
තාම නැහැ. මට තව ජිවිතේ අරමුණු ගොඩක් තියෙනවා. අධ්‍යාපන වැඩකටයුතු, ව්‍යාපාර වැඩකටයුතු ඉවර කරගන්න ඕන. ඊට පස්සේ තමා විවාහයක් ගැන හිතන්නේ. දැන්ම විවාහයක් ගැන හිතන්නේ නැහැ.

ඔබට මේ වනතෙක් ලැබුණු නිර්මාණ ගැන සතුටු වෙනවද?
ඔව්. මම කරපු නිර්මාණ ගණනත් එක්ක නෙමෙයි මං කතා කරන්නේ. හැබැයි මම හිතනවා මගේ ලස්සනින් සහ මගේ තියෙන දක්ෂතාවයෙන් ලංකාවේ සිනමාවට හරි ටෙලි නාට්‍ය කලාවට හරි වැඩක් ගන්න පුළුවන් කියලා. මම හොඳ ටෙලි නාට්‍ය කළා. ආදරය ගින්දරක් මගේ පළවෙනි ටෙලි නාට්‍යය. මට හොඳ ගමනක් දුන්නේ ඒ ටෙලි නාට්‍යයෙන්. ඒ ගැන සන්තෝස වෙනවා සහ ආඩම්බර වෙනවා. මම භාර ගත්ත හැම ටෙලි නාට්‍යයකින්ම සැහීමකට පත් වුණා.

Related Posts

Related Posts

සෑම මිනිසෙකුටම බිරින්දෑ වරුන් 4 දෙනෙක් ඉන්නවලු බලන්න ඔබේ බිරින්දෑ වරුන් 4 කවුද කියලා

දරුවන් හතර දෙනෙක් එකවර බිහි කළ පින්බර අම්මා

ලෝකයම දන්න සද්ධන්ත නළුවා පුංචි කෙල්ලෙක් කරකාර බදියි

නින්දට පෙර රෝස පැහැති පෙත්තක් ලබාදී තම දියණියට කුලියාපිටියේ නරුම පියෙක් කල අපරාධය

විෂ ඝෝර සර්පයන් එක්ක සෙල්ලම් දාලා බුකිය පුදුමකළ ලන්කාවේ කෙල්ල

ඔබේ අතතෙත් මේ වගේ රේඛාවක් තියෙනවද? එහෙනම් දැන්ම බලන්න

Comments

Reply comment

Your email address will not be published. Required fields are marked *