සිය පෙම්වතා ඇතුලු කාමාතුරයන් තිදෙනෙකුගේ ගොදුරක් බවට පත්වුනු දියණිය ඊයේ ගමක් හඩවා අවසන් ගමන් ගියේ මවගේ විලාපයෙන් රටම කම්පාවට පත් කරමිනි. පාසැල් වියේම පෙම් බැදි තරුණයා ඇගේ දිවිය පමනක් නොව මුලු පවුලකම සතුට සුනු විසුනු කර දමා තිබුනේ සිත් පිත් නැති තිරිසන් පුද්ගලයකු පරිද්දෙනි.

පසුගිය අඟහරුවාදා (9) මාගම ප්‍රදේශයේ සිදු වූ මහා අපරාධයක්‌ පිළිබඳව වූ පුවතක්‌ ගම පුරා පැතිර ගියේ එය ඇසූ ඇසූ සියලු දෙනා මහත් කම්පාවට පත් කරමින්.

ඉන් පසු 10 වන දින උදෑසන මුළු ගම පුරා පැතිර ගියේ හිරුණි ගෙල වැළලා ගැනීමට ගොස්‌ රෝහල්ගත කර ඇති බවයි. මෙය ඇසූ සියලු දෙනා පැවසූවේ ‘‘ඒ කෙල්ලට බෙල්ලේ වැළලා ගැනීමට හේතුවක්‌ නෑ“ මොකක්‌ හරි වෙන දෙයක් වෙලා ඇති යන්නයි.

කෙසේ වෙතත් සිදුව තිබුණේ පාපතරයන් තිදෙනකු හිරුණි සමූහ දූෂණයට ලක්‌ කර තිබීමයි.. ඉන් ලැඡ්ජාවට හා කම්පාවට පත් දැරිය දෙමාපියන්ට මුහුණ දිය නොහැකි නිසා ලිපියක්‌ ලියා තබා සිය දිවි හානි කර ගැනීමට උත්සාහ කර තිබුණා.

සැමගේ ආදරය දිනා සිටි 14 හැවිරිදි හිරුණි තක්‌ෂිලා නිරතුරුවම හීන දැක්‌කේ පාසලේ ශිෂ්‍ය නායිකාවක වීමටයි. සිය අධ්‍යාපන කටයුතු ද එකක්‌ නෑර අකුරටම සිදු කළේ කවදා හෝ දවසක මේ සමාජයේ කිසිවකුටක්‌ අතනොපා තනිවම නැගී සිටීමේ අරමුණ ඇතිවයි.

එහෙත් හිරුණි තක්‌ෂිලාගේ සියලු බලාපොරොත්තු එක් රැයකින් සුණු විසුණු කරන්නට ඇයගේ පෙම්වතා කුරිරි වුණා.
පසුගිය 09 වන දින රාත්‍රියේ තිස්‌සමහාරාම මාගම ප්‍රදේශයේදී මියගිය 14 හැවිරිදි හිරුණිකාගේ නිවස අසල සිටි ඇය සමග ප්‍රේම සබඳතාවක්‌ පැවැත් වූ බව කියන තරුණයකු තවත් දෙදෙනකු හා මත්පැන් පානය කර තිබෙනවා.
හිරුණිගේ නිවසේ අයද ඒ පිළිබඳව දැන සිට නැති බවත් පැවසෙනවා. සියල්ල නින්දට යන වෙලාවේ සුපුරුදු පරිදි හිරුණිගේ පවුලේ අය සහ ගමේ සියලු දෙනා නිදා ගත්තද හිරුණිගේ නිවස අසල මදුවිත තොල ගෑ හිරුණිගේ ප්‍රේමවන්තයා ඇතුළු තිදෙනා තව තවත් කළුවර ගලා එන තෙක්‌ නොඉවසිල්ලෙන් සිටි බව නම් පැහැදිලියි.
ඇති පදමට මදුවිත තොලගා සිටි මෙම තරුණයන් තිදෙනාගෙන් හිරුණිගේ පෙම්වතා බව කියන පුද්ගලයා හිරුණිගේ නිවස අසලට පැමිණ ඉගිබිගි පා කෙසේ හෝ හිරුණි නිවසින් එළියට ගෙන නිවසින් මදක්‌ එපිටට රැගෙන ගොස්‌ තිබුණා.

සිය පෙම්වතා පිළිබඳව සැක නොසිතූ ඇය ඔහු සමගින් එළියට ගොස් තිබෙනවා. එසේ රැගෙන ගිය හිරුණිව කිසිදු හිතක්‌ පපුවක්‌ නැති මෙම කාමාතුරයන් තිදෙනාගේම ග්‍රහණයට හසු වී තිබෙන අතර හොඳ හැටි මදුවිත සප්පායම් වී සිටී මේ තිදෙනා මෙම දැරිය කෙළසා අලුයම වනවිට නැවත නිවසට ඇරලවා තිබෙන අතර “මම උන්ගෙන් බේරිලා එන්න උත්සාහ කළා. නමුත් බැරි වුණා” කියා ඇය ලියූ ලිපියක සටහන්ව තිබුණා. සොඳුරු සමනල් වියේදී සදහටම දෙනෙත් පියාගත් හිරුණි ඊයේ අවසන් ගමන ගියා.

සැකකාර පෙම්වතා 23 හැවිරිදි වියේ පසුවන අතර අනෙක් තරුණයන් 18 හැවිරිදි සහ 20 හැවිරිදි වියේ පසුවනවා.සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ඇයගේ පෙම්වතා ඇතුළු තරුණයන් තුන්දෙනා ලබන 23 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර කෙරුනා.

Related Posts

Related Posts

සෑම මිනිසෙකුටම බිරින්දෑ වරුන් 4 දෙනෙක් ඉන්නවලු බලන්න ඔබේ බිරින්දෑ වරුන් 4 කවුද කියලා

දරුවන් හතර දෙනෙක් එකවර බිහි කළ පින්බර අම්මා

ලෝකයම දන්න සද්ධන්ත නළුවා පුංචි කෙල්ලෙක් කරකාර බදියි

නින්දට පෙර රෝස පැහැති පෙත්තක් ලබාදී තම දියණියට කුලියාපිටියේ නරුම පියෙක් කල අපරාධය

විෂ ඝෝර සර්පයන් එක්ක සෙල්ලම් දාලා බුකිය පුදුමකළ ලන්කාවේ කෙල්ල

ඔබේ අතතෙත් මේ වගේ රේඛාවක් තියෙනවද? එහෙනම් දැන්ම බලන්න

Comments

Reply comment

Your email address will not be published. Required fields are marked *