ආදරයට සීමා මායිම් නොමැත. හිරිමල් යෞවන වියේ වුවද ආදර හැගුම් සිතට ඒම සාමාන්‍ය සිදුවීමකි. නමුත් සිතට එන පෙම් හැගුම්වලට හරිහැටි යමක් කමක් නොතේරේන වයසේම නිදහසේ පියෑඹීමට ඉඩ හල විට ජීවිතය කොහෙන් නතර වේදැයි අපට සිතා ගැනීමටවත් නොහැක. සැමට වඩා පෙම්වතා විශ්වාස කල තිස්සමහාරාම සිසුවියට අත්වුනු ඛේදනීය ඉරණමයි මේ.

නිරන්තරයෙන්ම මුහුණේ රැඳුණු සුන්දර සිනහව ඇයගේ දිගැටි මුහුණට අමුතුම පෙනුමක්‌ එකතු කළේය. උරහිසට මඳක්‌ පහළට වන්නට වවා තිබුණු කැරළි ගැසුණු කොණ්‌ඩය ඇයගේ රූ සපුව වැඩි කිරීමට එක්‌වූ තවත් එක්‌ ආභරණයක්‌ වැනිය. එලෙස පුංචි සුරංගනාවියක්‌ මෙන් ලස්‌සන ඇය නමින් හිරුණිය.

හිරුණි 14 හැවිරිදි පාසල් සිසුවියකි. පදිංචිය තිස්‌සමහාරාම මාගම ප්‍රදේශයේය. එම ප්‍රදේශයේම පාසලක අධ්‍යාපනය ලැබූ ඇය ඉගෙනීමට මෙන්ම ක්‍රීඩා කටයුතුවලටද ඉතා දක්‍ෂ වූවාය. පාසලේ ශිෂ්‍ය නායිකාවක වීමද ඇයගේ එක්‌ සිහිනයක්‌ විය. ගුරු දෙගුරුන්ගේ සිත් දිනාගෙන සිටි ඇය පාසලේ ජනප්‍රිය ශිෂ්‍යාවකද වූවාය.

අධ්‍යයන කටයුතු සාර්ථකව කරගෙන ගියද ඇය නිවැසියන්ට හොර රහසේ ප්‍රේම සම්බන්ධතාවක්‌ පවත්වාගෙන ගියාය. ඒ එම ප්‍රදේශයේම තරුණයකු සමඟය. රසාංග යන අන්වර්ථ නාමයෙන් අපි ඔහුව හඳුන්වන්නෙමු.

හිරුණිගේ ප්‍රේමවන්තයා ඇයට වඩා වසර පහක්‌ පමණ වැඩිමහල්ය. හරි හමන් අධ්‍යාපනයක්‌ නොලද ඔහු හිරුණිට කිසිසේත්ම ගැළපුණේ නැත. සමහර යෙහෙළියන් පවා ඇයට ඒ ගැන පවසා තිබිණි. එහෙත් ළද බොළඳ හදවතක්‌ තිබූ හිරුණි බාහිර බලපෑම් ගණනකට නොගෙන එක සිතින්ම ඔහුට ආදරය කළාය.

රසාංග, හිරුණි සමඟ ප්‍රේම සම්බන්ධතාවක්‌ ගොඩනඟා ගත්තේ යටි සිතේ තවත් අරමුණක්‌ සඟවා ගෙනය. සෑම විටම ඔහු ඇයට මවා පෑවේ බොරු ආදරයකි. ඒ අතර තවත් තරුණියන් සමඟද ඔහුගේ සම්බන්ධතා තිබිණි. ඒ සියල්ල ඉතා සූක්‍ෂම ලෙස පවත්වාගෙන යැමට මෙම සල්ලාල පෙම්වතා සමත් විය.

හරි හමන් රැකියාවක්‌ නොකළ මොහු ඇසුරු කළේ තමන්ට වඩා වයසින් මුහුකුරා ගිය අයයි. එලෙසම මත්පැන් පානයටද මොහු දැඩි ගිජුකමක්‌ දැක්‌වූවේය. සතියට දින හතරක්‌, පහක්‌ මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතා කරන මොහු එම මොහොතේ හැසිරෙන්නේ තිරිසනකු-ටත් අන්ත ලෙසින්ය.

මත්පැන් වීදුරු දෙක තුනක්‌ කටට හලාගත් පසු ඔහු දොඩවන්නේ පිස්‌සකු මෙන්ය. අහවල් ගෑනු ළමයා එක්‌ක අතනට ගියා, මෙයාට මෙහෙම කළා වැනි කතාද ඔහු කියයි. සැබැවින්ම මත්පැන් පානය කළ පසු ඔහු නිවැසියන්ට මෙන්ම සමාජයටද පිළිලයකි.

අහිංසක හිරුණි මේ කිසිවක්‌ දැන සිටියේ නැත. ලෝකයේ සිටිනා හොඳම ප්‍රේමවන්තයා තමා සතුවූවා යෑයි සිතමින් ඇය ඔහුට ආලය කළාය. අනාගතයේ දී ඔහු සමඟ ගොඩනඟා ගන්නා ජීවිතය ගැන දහසකුත් බලාපොරොත්තු සිත තුළ තබාගෙන ඇය ජීවත් වූවාය.

දිනය පසුගිය 09 වැනිදාය. එදින සවස 6 ට පමණ රසාංග හිරුණිගේ නිවස අසල මත්පැන් පානය කරමින් සිටියාය. ඒ තවත් එවැනිම සගයන් දෙදෙනෙක්‌ සමගය. පැය කිහිපයක්‌ ඔවුහු එලෙස මත්පැන් පානය කළහ. අවසානයේ එම තිදෙනා සිටියේ පියවි සිහියෙන් ඔබ්බට ගොස්‌ය. කිසිම වැඩකට නැති දේවල් කතා කළ ඔවුන් අතරින් එක්‌ අයෙක්‌ එක්‌වරම මෙලෙස පැවසුවේය.

“මචං උඹ යාළුවෙලා ඉන්න හිරුණි මාර කෙල්ලෙක්‌නෙ බං. මම දැක්‌කෙ නැහැ ඒ වගේ කෙල්ලෙක්‌ මේ හතර මායිමක ඉන්නවා.”

“ඒක තමයි මචං. මූ ඉතින් ඕවට දක්‍ෂයානේ. අපිට කොහෙන්ද පූසෝ ඉතිං මාළු. අපි මුහුදු යන්නේ නැහැනේ.”
එලෙස පවසමින් අනෙකා එම කතාවට උල්පන්දම් දුන්නේය.

බමන මතින් මත්වී අඩ සිහියෙන් සිටි හිරුණිගේ පෙම්වතා එම කතා ඇසීමෙන් තවත් උජාරුවට පත්විය. ඔහු පණ මෙන් ආදරය කරන තම පෙම්වතිය ගැන කිසිම අනුකම්පාවක්‌ නොදක්‌වා බේබදු යහළුවන් දෙදෙනා ඉදිරියේ ඇයගේ චරිතය ඝාතනය කරන්නට විය. බොරු බේගල් පවා පවසමින් ඇය ගැන නොයෙක්‌ දේ පැවසුවේය. බේබදු යහළුවන් දෙදෙනාද රසවත් ලෙස එම කතා අසමින් සිත තවත් රාගයෙන් මත්කර ගත්හ.

“උඹලා මගේ පණ වාගේ. ඔය කෙල්ලෝ මට වැඩක්‌ නැහැ. ඒක උඹලා දන්නවනේ. මම උඹලා දෙන්නා වෙනුවෙන් ඕන දෙයක්‌ කරනවා. මගේ කෙල්ලව ඕනනම් කියපන්. ඒකිත් මම දෙනවා.”
තිරිසනකුටත් වඩා පහත් ගතිගුණ ඇති හිරුණිකාගේ පෙම්වතා එලෙස පැවසුවේය.

රාගයෙන් මත්වී සිටි එම බේබදු තිරිසනුන්ටද උවමනා වූයේ කෙලෙස හෝ තම ආශාවන් ඉටුකර ගැනීමටය. එම අදහසින් එතැන සිටි ඔවුන්ගෙන් එක්‌ අයෙක්‌ මෙලෙස පැවසූහ.

“උඹ ඔය ඇත්තමද කියන්නේ?”

“ඇයි මම උඹලට බොරු කියන්නේ. අද ඕනනම් කියපන් මම උඹලට හිරුණිව ගෙනත් දෙන්නම් කොහොම හරි. මගේ වචන දෙකක්‌ නැහැ”

එම තිරිසනා තම යහළුවන්ට එලෙස පැවසුවේය.

ඒ අනුව හිරුණිගේ පෙම්වතා, යහළුවන්ට පොරොන්දු වුණේ රාත්‍රියේ කෙලෙස හෝ ඇයව නිවසින් එළියට ගන්නා බවයි. එලෙස සිතමින් ඔවුහු තව තවත් මත්පැන් පානය කළහ.

මේ කිසිවක්‌ නොදන්නා හිරුණි අධ්‍යාපන කටයුතුවල නිරත වෙමින් සිටියාය. ඒ අතර කාලය තුළ අනිවාර්යෙන්ම අද රාත්‍රියේ තමාව හමුවන ලෙස ඔහු ඇයට දැනුම් දුන්නාය. තම පෙම්වතා ගැන අබමල් රේණුවකවත් අවිශ්වාසයක්‌ නොතිබුණු ඇය එකහෙළාම එම තීරණයට එකඟ වූවාය.

නිවැසියන් නිදාගන්නා තුරු ඇය නොඉවසිල්ලෙන් බලා සිටියාය. රාත්‍රී දහයට පමණ හිරුණි හැර නිවසේ අන් සියල්ලෝම නින්දට වැටුණහ. තමන් වැටීමට යන්නේ ලොකු අනතුරක බව ඇයට නොදැණුනි. ඒ වන විටත් රසාංග සහ යහළුවන් දෙදෙනා ඇයට කළ යුතු දේ ගැන තීරණය කර තිබිණි.

තම පෙම්වතාගේ තිරිසන් ගතිගුණ ගැන නොදත් හිරුණි හොර රහසේම නිවසින් පිටවූවාය. ඒ තම පෙම්වතා කියූ පරිදි ඔහු මුණ ගැසීමටය. නිවස අසල කියූ ස්‌ථානයට ඇය පැමිණියාය. ඒ වන විටත් බමන මතින් මත්වී සිටි රසාංග එහි සිටියේය.

“ඔයා අද බීලනේ ඉන්නේ ඇයි අනේ බිව්වේ. මෙහෙම බීලා ඉන්නවා කියලා දන්නව නම් මම එන්නෙ නැහැ ඔයාව බලන්න.” ඇය පැවසුවාය.

“ගණන් ගන්න එපා. පොඩි පාටියකට ගියා. ටිකක්‌ බිව්වා. අපි යං පොඩ්ඩක්‌ කතා කරන්න” එලෙස කියමින් ඒ මූසල රාත්‍රියේ ඔහු හිරුණිව කැලය තුළට රැගෙන ගියේය. ඔහුගේ පිටුපස අනෙක්‌ බේබදු යහළුවෝ දෙදෙනාද පැමිණියහ.

මඳ දුරක්‌ යන විට පෙම්වතාගේ අමුත්තක්‌ ඇයට දැණුනි. ඔහු නොසිතූ මොහොතක නොසිතූ අයුරින් ඇයව තුරුළු කර ගත්තේය. ඒ සමඟම අනෙක්‌ යහළුවන් දෙදෙනාද එම ස්‌ථානයට පැමිණියහ. සිදුවන්නට යන දේ ඉවෙන් මෙන් ඇයට දැණුනි.

තම පෙම්වතා සහ ඔහුගේ යහළුවන් දෙදෙනාට නොවඳිනා වැඳුම් වැඳ ඇය පැවසුවේ තමාට කිසි කරදරයක්‌ නොකරන ලෙසයි. එහෙත් එම කාමාතුරයන් තිදෙනාගෙන් ඇයට ගැලවුමක්‌ නොමැති විය. තිරිසන් සතුන්ටත් අන්ත ලෙස එම පාපතරයන් තිදෙනා හිරුණි විනාශ කර දැමූහ. එළිවෙන තුරු එම මිනිස්‌ තිරිසන්නු හිරුණිව කෙළෙසූහ.

ඇය ඔවුන්ගෙන් මිදී ඒමට නොගත් උත්සාහයක්‌ නොමැත. එහෙත් ඒ කිසිවකින්වත් පලක්‌ වූයේ නැත. අවසානයේ අලුයම් කාලය වන විට එම මිනිස්‌ තිරිසන්නු තිදෙනා ඇයව නිවස අසලට ගෙනැවිත් ඇරලූහ.

පණ දෙවැනිකොට ආදරය කළ තම පෙම්වතා කළ දෙයින් ඇය මහත් සේ කම්පාවට පත්විය. දස අතේ කල්පනා කළේ කුමක්‌ කරන්නද කියා ය. එහෙත් ඇයට කල්පනා වූයේම සියදිවි නසා ගැනීම පමණි.

පොතක පිටුවක්‌ කඩාගත් ඇය එදින සිදුවූ සියල්ලම හැඬූ කඳුළින් යුතුව අකුරක්‌ නෑරම ලිව්වාය. යළි වරක්‌ එම ලිපිය කියවූ ඇය සිතේ තිබුණ දැඩි කම්පනයත් සමඟ දිවි නසා ගැනීමට තීරණය කළාය.

සාරියකුත් රැගෙන ඇය නිවස අසල තිබූ කොහොඹ ගස උඩට නැග්ගාය. එම ගසේ අත්තක වාඩිවී යළි ඇය ජීවිතය ගැන දහස්‌ වාරයක්‌ පමණ කල්පනා කළේය. එහෙත් ඇයගේ සිතට සැනසීමක්‌ නොලැබිණි. අවසානයේ ඇය සියදිවි නසා ගැනීමට තීරණය කළාය. සාරියේවත් පොටක්‌ ගසක අත්තකත්, අනෙක්‌ පොට ගෙල වටේත් ගැට ගසාගත් ඇය දෙසවන් වසාගෙන බිමට පැන්නාය.

විනාඩි කිහිපයක්‌ ජීවිතයත් මරණයත් අතර අසීරු සටනක ඇය නිරත වූවාය. ඒ මොහොතේම හිරුණිගේ බාල සොහොයුරාද එම කොහොඹ ගස අසලින් වත්ත පහළට ගියේය. එක්‌වරම එම ගසක අත්තක එල්ලී දඟලන තම සොහොයුරියව දුටු ඔහු ප්‍රදේශය දෙවනත් වන සේ කෑගැසුවේය.

ඔහුගේ එම කෑගැසීම ඇසී දෙමාපියන් සහ අසල්වැසියන් දිවවිත් හිරුණිව බේරාගෙන රෝහල්ගත කළාහ. දින හයක්‌ ඇය හම්බන්තොට රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබුවාය. එහෙත් අවසානයේ ඇය දෙමාපියන්, සොහොයුරු සොහොයුරියන් සහ හිතවතුන් අතර මතකයක්‌ පමණක්‌ ඉතිරි කර ජීවිතයෙන් සමු ගත්තාය.

පසුව ඔවුහු මෙම සිද්ධිය පිළිබඳ වීරවිල පොලිස්‌ ස්‌ථානයේ පැමිණිල්ලක්‌ දැමූහ. එහෙත් එම පොලිස්‌ නිලධාරීන් නීතිය හරියට ක්‍රියාත්මක නොකළ බව ගම්මු චෝදනා කරති. ඒ අනුව ප්‍රදේශවාසීහු ප්‍රමුඛත්වය ගෙන යාල වනයේ සැඟවී සිටියදී මෙම සැකකරුවන් සොයාගෙන තිබිණි. එම සැකකරුවන් තිදෙනා තිස්‌සමහාරාමය ප්‍රදේශයේ පදිංචි අය වෙති. එලෙසම ප්‍රදේශවාසීහු මෙම සැකකරුවන් තිදෙනාට හොඳ හැටි සම්භහන කර පොලිසියට භාරදී තිබිණි.

කවුරුත් නොසිතූ මොහොතක කාමාතුරයන් තිදෙනකුගේ බිල්ලකට ගොදුරු වී සමාජයට මුහුණදීමට නොහැකිව සිත් තැවුලට පත්වී හිරුණි තක්‍ෂිලා සියදිවි නසා ගත්තාය.

එම මරණයෙන් සමාජයේ වැඩිහිටියන්ද පාඩමක්‌ ඉගෙන ගත යුතුය. ඒ නිරන්තරයෙන් තම දූ පුතුන් ගැන දැඩි අවධානයෙන් සිටිය යුතුය යන්නය.

-ගයාන් සමරසිංහ-

මුලාශ්‍රය -දිවයින-

Related Posts

Related Posts

ලෝකේ බලවත්ම රටේ ආණ්ඩුකාර ධුරයකට තරඟ වදින ලංකාවෙන් ගිය ක්‍රිෂාන්ති

රංගන ශිල්පිණී අයිශාරා අතුකෝරල අලුත උපන් දියණිය සමග ගත් ඡායාරූප මෙන්න

කලා ලෝකයේ තරුවක් සමග විවාහ වූ කලා ලෝකයේ තරු මෙන්න

බැන්දට පස්සේ කෙල්ලෝ මහත්වෙන්නේ මෙන්න මේ නිසයි

ෆේස්බුක් එකෙන් පොඩි කොල්ලො හොයන ලංකාවේ සල්ලිකාර නෝනලා මෙන්න

හොඳ හොඳ ගේම් ගණහ ජෙහාන් ගෙදරට වෙලා ගහන අමුතු ගේම මෙන්න

Comments

Reply comment

Your email address will not be published. Required fields are marked *