මත්ද්‍රව්‍ය නිසා විනාස උනු තරුණ ජීවිත සුවපත් කරන වෙද පන්සලකි. වෙද පන්සලේ ජීවකයාණෝ කුප්පියාවත්තේ බෝදානන්ද හාමුදුරුවෝය. ආධ්‍යාත්මික සංවර්ධනයක්‌ තුළින් මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවූවන් විශෝධනය කිරීම, සෞඛ්‍ය සම්පන්න ජීවිත රටාවක්‌ සහ ආර්ථික ස්‌ථාවරත්වය තුළින් පුද්ගලයන් මත්ද්‍රව්‍ය සඳහා යොමුවීම වැළක්‌වීම සඳහා සුමඟට යොමු කිරීම මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්‌ථානයේ වෙදකමය. මේ පැල්මඬුල්ල මිතුරු මිතුරෝ විශෝධන මධ්‍යස්‌ථානයයි.

පැල්මඬුල්ල විශෝධන මධ්‍යස්‌ථානයේදී ඇසුණු කතා අතර මේ කතාව තරමක්‌ වෙනස්‌ය. මේ කුඩු නිසා විනාශ වූ තරුණයෙක්‌ ගැන කියෑවෙන කතාවක්‌ නොවේ. කැසිනෝ සූදුවේ අන්තයට ගොස්‌ විනාශයේ පතුලට වැටුණු තරුණයකු ගැන කියෑවෙන දුක හිතෙන කතාවකි. කතාව පෙළගැසෙන්නේ ගාල්ල ප්‍රදේශයේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයකුගේ නිවසේ සිටය. කතා නායකයාගේ සැබෑ නම නොමැතිව අපි ඔහුට විධුර ලෙස නම් තබමු. මොණර කොළ නිසා විනාශ වූ විධුර දැන් ඒ කතාව අපට කියන්නේය.

“මම මාතර, මිරිස්‌සේ. අපේ තාත්තා ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්‌. නම කිව්වම දකුණු පළාතම දන්නවා. සංචාරක හෝටල්, මහා විශාල පොල්වතු, ඉඩම්, ගෙවල් කිහිපයක්‌ තිබුණා. ව්‍යාපාර කිහිපයක අයිතිකාරයෙක්‌. සල්ලිත් උතුරන්න තිබුණා. අම්මට රැකියාවක්‌ කරන්න අවශ්‍යතාවක්‌ තිබුණේ නෑ. අපේ පවුලේ මමයි, නංගි විතරයි. මම ඉල්ලන්න ඕන දෙයක්‌ තාත්තා අරගෙන දුන්නා. මම ඉස්‌කෝලේට ගියේ සුපිරි වාහනවල. මුලින්ම මාතර ප්‍රසිද්ධ පාසලක ඉගෙනගත්තා. ඒ අටයි, බී එකක්‌ ලබාගෙන සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් වුණා. ඊට පස්‌සේ ගණිත අංශයෙන් උසස්‌ පෙළ කරන්න ගාල්ලේ ප්‍රසිද්ධ පාසලකට මාරු වුණා. ඒ පාසලේදී මට විවිධ යාළුවෝ ආශ්‍රය කරන්න ලැබුණා. මමත් ඉස්‌කෝලේ ගියේ ගාල්ලේ නතර වෙලා. හොයන්න, බලන්න කවුරුවත් නෑ යාළුවොත් එක්‌ක සුපිරියට ආතල් ගත්තා. ඉස්‌කෝලේට ගියේ සිගරට්‌ පැකට්‌ එක සාක්‌කුවේ දාගෙන. ඒත් මම කොහොමහරි සී දෙකයි, බී එකක්‌ අරගෙන උසස්‌ පෙළ විභාගය සමත් වුණා.

උසස්‌ පෙළ විභාගය ඉවර වෙලා සතියක්‌ විතර යනකොට මට නයිට්‌ ක්‌ල්බ් එකකට යන්න අවස්‌ථාවක්‌ ලැබුණා. ඒ මගේ ලොකු අම්මාගේ පුතා එක්‌ක. අපි ගියේ තලවතුගොඩ නයිට්‌ ක්‌ලබ් එකකට. ඒ තමයි මම ජීවිතේ පළමු වතාවට නයිට්‌ ක්‌ලබ් එකකට ගිය අවස්‌ථාව. එතකොට මගේ අතේ ලොකු සල්ලියක්‌ තිබුණෙත් නෑ. ඒත් අපි නයිට්‌ ක්‌ලබ් එක ඇතුළේදී හොඳට කෑවා, බිව්වා. සතුටු වුණා. වැඩ කරන කෙල්ලොත් අපිට සුපිරියට සැලකුවා.

ඒ කාලේ මමත් හොඳ ජැන්ඩියා. උසට සරිලන මහත. සැපට හැදිලා රෝස පාටයි. එක කෙල්ලෙක්‌කේ මගේ ෆෝන් නම්බරය බලෙන් ගත්තේ. පස්‌සේ ඒ කෙල්ල එක්‌ක කතාබහ කරලා එළියේදී මුණගැහුණා. එයාගෙන් තව කෙනෙක්‌, ඒ විදිහට නයිට්‌ ක්‌ලබ් එකේ වැඩ කරපු කෙල්ලෝ හතර දෙනෙක්‌ මම ඇසුරු කළා. ජීවිතය අමුතු දිසාවකට තල්ලු වුණා. අපේ තාත්තට මගේ වෙනසක්‌ දැනුණා. ඊට පස්‌සේ තාත්තා මාව ඉගෙනගන්න එංගලන්තයට යෑව්වා. එතකොට මට අවුරුදු දහඅටයි. එංගලන්තයට ගියා කියලා මම හැදුණේ නෑ. එහේදිත් මම උපරිමයෙන් විනෝද වුණා. අරක්‌කු බිව්වා නෙමෙයි, නෑවා. ක්‌ලබ් ගියා. විවිධ ගෑනු ඇසුරු කළා. ටිකෙන්, ටික මත්ද්‍රව්‍යවලටත් ඇබ්බැහි වුණා. පස්‌සේ මම ඉගෙනගත්ත කැම්පස්‌ එකෙන් මාව ලංකාවට පිටුවහල් කළා.

උපාධිය ඉවර කරන්නේ නැතුව මම ලංකාවට ආවා කියලා තාත්තා මට දොස්‌ කිව්වේ නෑ. එයා කිව්වේ මට තව ඉගෙනගන්න කියලා. ඊට පස්‌සේ මම මාතර ජාත්‍යන්තර පාසලකට ගියා. තාත්තා මාව ව්‍යාපාරවලට සම්බන්ධ කරගෙන මගේ වියදම්වලට සරිලන පඩියකුත් දුන්නා. ඔහොම ඉන්නකොට අපේ ඉස්‌කෝලේ අයියලා හරහා විවිධ අය ඇසුරු කරන්න ලැබුණා. ඒ අතර ජනප්‍රිය ගායකයො කිහිපදෙනෙක්‌ම මට හිතවත් වුණා. අපේ තාත්තාගේ ව්‍යාපාරික ජනප්‍රියත්ව මත තමයි ඒ හිතවත්කම් ගොඩනැගුණේ. මුලදි අපි ගාල්ල, මාතර සුපිරි හෝටල්වල සෙට්‌ වෙලා හොඳට කෑවා බිව්වා. බොහෝ වෙලාවට ඒ බිල් ගෙව්වේ මමයි. එහෙම ටික කාලයක්‌ ගිහිල්ලා කොළඹ නයිට්‌ ක්‌ලබ් බහින්න පටන් ගත්තා. නයිට්‌ ක්‌ලබ්වලදි එක රෑට රුපියල් ලක්‍ෂය වියදම් කරලා තියෙනවා. මගෙත් එක්‌ක කෑවෙ, බිව්වේ සුපිරි ගායකයො, නළු නිළියො. මම රජා වගෙ. දත වෙනවා කියලා නිකමටවත් හිතුණේ නෑ.

ඔය ඉන්න අලුත් සහ පරණ වීගෙන යන සේරම නිළියො අපිත් එක්‌ක නයිට්‌ කල්බ් ගිහිල්ලා තියෙනවා. අයියට දැනගන්න මම නම් කියන්නම්. සමහර තරුණ නිළියො බීලා වැඩි වෙලා අපේ කරේ එන්නේ. ඊට පහුවෙනිදා දවල් වෙනකම් නැඟිටගන්න බෑ. හෝටලයක ඉඳලා ආයෙත් රෑට ක්‌ලබ් බැස්‌ස අවස්‌ථා තිබුණා. ලංකාවේ තියෙන හැම නයිට්‌ ක්‌ලබ් එකකටම මම ගිහින් තියෙනවා. මගේ නම කිව්වම නයිට්‌ ක්‌ලබ්වල අයිතිකාරයොත් දන්නවා. ඒ වෙනකොට මම ගෑනු ඇසුරට තදින්ම ලොල් වෙලා හිටියේ. එක දවසට ඔය නිළියො තුන් හතර දෙනා එක්‌ක ඉඳලා තියෙනවා.

ඒ විදිහට නිශාචර ජීවිතයක්‌ ගත කරගෙන යනකොට දවසක්‌ ජනප්‍රිය කඩවසම් ගායකයෙක්‌ කැසිනෝ සෙල්ලම් කරන්න යන්න මට කතා කළා. ඒ සිද්ධිය වුණේ 2010 අවුරුද්දේ පෙබරවාරි මාසෙ 25 වැනිදා. ඒ දවස මට තාම මතකයි. නයිට්‌ ක්‌ලබ් ගිහිල්ලා එදා පාන්දර තමයි අපි කැසිනෝහලට ගියේ. කොල්ලුපිටියේ ප්‍රසිද්ධ කැසිනෝහලක්‌. මගේ අතේ තිබුණේ රුපියල් පහළොස්‌දාහයි. මාත් එක්‌ක ගිය ගායකයාට කොළඹ ඕනෑම කැසිනෝහලකට ඇතුළුවීමට අය කරන්නේ නෑ. එයත් එක්‌ක යන අයට අය කරන්නෙත් නෑ. කැසිනෝ එක ඇතුළට ගියාට පස්‌සේ කෑම, බීමත් නොමිලේ. බඩ පැළෙන්න කාලා. වැටෙන්න බොන්න පුළුවන්.

පැයක්‌ විතර මම කැසිනෝ සෙල්ලම් කරන හැටි බලාගෙන හිටියා. ඊට පස්‌සේ මම සෙල්ලම් කරන්න පටන් ගත්තා. එදා මම රුපියල් පහළොස්‌දාහයෙන්, එක්‌ලක්‍ෂ විසිදාහක්‌ දිනුවා. සැරෙන්, සැරේට මගේ පාට්‌නත් සල්ලි අරගෙන තමයි ඒ ගාන ඉතුරු වුණේ. එදා මම කැසිනෝ ලෑල්ල දැක්‌කේ සල්ලි මවන මැෂික්‌ වගෙයි. දෙවැනි දවසේ නයිට්‌ ක්‌ලබ් ගියේ නෑ, කෙළින්ම ගියේ ඒ කැසිනෝහලට. එදා මට මාර වෙල්කම් එකක්‌ දුන්නා. මම රුපියල් ලක්‍ෂයක්‌ අරගෙන ගියා. එදත් මුලින් දවසේ ගිය ගායකයයි, තවත් ජනප්‍රිය ගායකයෙක්‌ මාත් එක්‌ක ගියා. ඊට පහුවෙනිදා හතර වෙනකම් අපි කැසිනෝ සෙල්ලම් කළා. එදත් මම රුපියල් ලක්‍ෂ තුනක්‌ දිනුවා. එදා මට හිතුණා දෙයියෝ තමයි මට මෙතැන පෙන්නුවේ කියලා. ඊට පහුවෙනිදත් ආවා. එදත් දිනුම්. දවස්‌ විස්‌සක්‌ විතර යනකම් එකදිගටම දිනුම්. ඒ කැසිනෝහලේ අයටත් පුදුමයි. කැසිනෝ සෙල්ලමේ තියෙන්නෙ ගණිත සිස්‌ටම් එකක්‌. මමත් මැක්‌ස්‌ කරලා හොඳ මීටරයක්‌. පොඩ්ඩේදී මට ඕන දෙයක්‌ තේරුම් ගන්න පුළුවන්. මම ඒ දැනුමත් කැසිනෝ ගහන්න පාවිච්චි කළා. ඒ දිනුම් දවස්‌ ටිකට මගේ අතේ රුපියල් ලක්‍ෂ පනහක්‌ විතර ඉතුරු වුණා.

කැසිනෝ ගහන්න යන්න හිටියට පස්‌සේ තවත් යාළුවො සෙට්‌ වුණා. ප්‍රසිද්ධ බෑන්ඩ් එකක නායකයෙක්‌ හොඳටම හිතවත් වුණා. එතකොටත් ඒ අයියා කැසිනෝවලට හොඳටම ඇබ්බැහි වෙලා තිබුණේ. කැසිනෝශාලාවලදී හිතවත් වෙච්ච කිසිම කෙනෙක්‌ මට ඒකෙ වරදක්‌ පෙන්නුවේ නෑ. හැමෝම කිව්වේ අද බැරි නම් හෙට දිනුම් කියලයි. මේක තමයි ජිම්කානාව කියලා මමත් දිගටම කැසිනෝ ගැහුවා. ටිකෙන්, ටික වාසනා චක්‍රය කණපිට පෙරළෙන්න ගත්තා. අන්තිමේ දිනලා හිටපු ලක්‍ෂ පනහ පරාද වෙනකම් මමවත් දන්නේ නෑ. ඒත් අද බැරි වුණාට හෙට දිනන්න පුළුවන් කියලා හිතාගෙන දිගටම මම කැසිනෝ ගියා. ලංකාවේ හැම කැසිනෝශාලාවකම මම සෙල්ලම් කරලා තියෙනවා. ඒ හැම කැසිනෝ ශාලාවකම මට හොඳ වෙල්කම් එකක්‌ තිබුණා. දිනුවත්, පැරදුනත් මම කැසිනෝශාලාවෙන් එළියට යන්නේ ගෑනු පරාණයක්‌ එක්‌ක. එයා ලංකාවේ කෙනෙක්‌ද සුද්දියක්‌ද ඉන්දියන් කාරියක්‌ද කියලා නෑ. ඇහැට වැදුණු කෙනා මම අරගෙන ගියා. ගාන ප්‍රශ්නයක්‌ නෑ. මට අවශ්‍ය වෙලා තිබුණේ ආතල් එක විතරයි.

ලංකාවේ නිළියො හුඟ දෙනෙක්‌ පාන්දරට කැසිනෝ බහිනවා. ඒ එන්නේ නයිට්‌ ක්‌ලබ් ගිහිල්ලා. ගෙන්නන්නේ කැසිනෝශාලාවල මැනේජර්ලා. ඒ දෙගොල්ලො අතර හොඳ ඩීල් එකක්‌ තියෙනවා. කවුරුහරි කස්‌ටමර් කෙනෙක්‌ කැසිනෝ ලෑල්ල වින් කරගෙන යනවා පේනවා නම් එතැනට සුපිරි නිළියො දෙතුන් දෙනෙක්‌ බස්‌සනවා. චූටි කලිසම් කෑලි, බඩ පපුව පේන්න ටීෂර්ට්‌ ඇඳගෙන පියරු බබ්බු වගේ ඇඟේ දැවටෙනකොට මිනිස්‌සු පිස්‌සු වැටෙනවා. කැසිනෝ සෙල්ලම් කරලා දිනපු දවසට අනිවාර්යයෙන්ම කැසිනෝශාලාව ගානේ ගෑනියෙක්‌ දෙනවා. ඒ දෙන්නේ ඒ දිනවල ජනප්‍රිය නිළියක්‌. කැසිනෝකාරයෝ ඒ අඹරන්නෙත් ගුලියක්‌ තමයි. ලක්‍ෂ ගණන් දිනලා හොඳට වෙරි වෙලා ගෑනියෙක්‌ එක්‌ක කාමරයකට ගියාට පස්‌සේ ඒ ගෑනි ෂේප් එකේ සල්ලි මිටිවලින් ලක්‍ෂ පහ, හයක්‌ ඇද ගන්නවා. කස්‌ටමර්ට ඒක තෙරෙන්නෙ නෑ. ඒ ගෑනි අදින මුදලෙන් භාගයක්‌ කැසිනෝශාලාවේ මැනේජර්ට යනවා.

නිළියන්ගේ ජොබ් එක රඟපෑම නෙමෙයි, කැසිනෝශාලා, නයිට්‌ ක්‌ලබ්, සුපිරි හෝටල්වල ඩීල් වීම. රඟපාලා ජනප්‍රියත්වය වැඩි වන තරමට ඒ අයට තියෙන ඉල්ලුම වැඩි වෙනවා. ඉල්ලුම වැඩි වෙනකොට අය කරන ගාණ වැඩි වෙනවා. මම කිසිම දවසක සල්ලි දීලා නිළියක්‌ එක්‌ක නිදාගෙන නෑ. ඒත් ඒ අයට ලක්‍ෂ ගණන්වලින් උදව් කරලා තියෙනවා. අපි අතර තිබුණේ හිතවත්කමක්‌.

කාලෙකින් සෙට්‌ වුණෙත් නෑ. වරෙං මචං අපි පොඩි ආතල් එකක්‌ ගන්න’ කියලා නිළියකට කෝල් එකක්‌ ගැහුවම ‘හරි මචං කොහේද ඉන්නේ අහනවා විතරයි. පැයෙන් මා ළඟ. ඔය නිළියන්ව සේරම මම ආශ්‍රය කළේ මචං ලෙවල් එකෙන්. ඇඟේ එල්ලගෙන හිටියේ නෑ. සල්ලි තියෙන ලස්‌සන කොල්ලෙක්‌ සෙට්‌ වුණහම ගොඩක්‌ම නිළියො ට්‍රයි කරන්නේ ඇඟේ එල්ලිලාම සල්ලි ටික හූරගන්න.

ඒ අයත් එක්‌ක එකට සූටින් කරන නළුවොත් මාත් එක්‌ක හිතවත් නිසා සියලු නිළියන්ගේ කැරැට්‌ටුව මම දැනගෙන හිටියා. ඒක නිසා තමයි අතේ දුරින් මචං ලෙවල් එකෙන් තියාගෙන හිටියේ. ලංකාවේ නිළියො කිහිපදෙනෙක්‌ එක්‌කම වරින්, වර මම සිංගප්පූරු, බැංකොක්‌, ඩුබායි ගිහිල්ලා සති ගණන් ඉඳලා ඇවිත් තියෙනවා. ඒ ගිය අවස්‌ථාවලට රත්තරං බඩු, ඇඳුම්, පැළඳුම් අරගෙන දීලා තියෙනවා. මාත් එක්‌ක ඉන්නවට ගාස්‌තුවක්‌ කියලා සල්ලි දෙන්නේ නෑ. ඒ යන අය ඉල්ලන්නෙත් නෑ. වෙන බිස්‌නස්‌කාරයෙක්‌ එක්‌ක රට ගියා නම් ටිකට්‌ එකේ ඉඳලා වියදම් කරලා ලංකාවට ඇවිත් ගෙදරට බස්‌සනකොට ලක්‍ෂයක්‌ දෙකක්‌, සල්ලිත් දෙන්න ඕනා. ඒක නිළියන්ගේ රස්‌සාව.

‘ජනප්‍රියත්වය නැති වෙලා ඇඟ එල්ල වැටෙන්න ගත්තට පස්‌සේ දැන් ඉන්න කවුරුවත් අපි ළඟට එන්නේ නෑ. හම රැලි වැටෙන්න ඉස්‌සෙල්ලා ජීවිත කාලයට ජීවත් වෙන්න හම්බ කරගන්න ඕනා’ මාත් එක්‌ක හිටපු නිළියො සේරම ඔය කතාව කියලා තියෙනවා. කතාව ඇත්ත. අයියට දැනගන්න නම් කියන්නම්, මේකප් එකෙන් එල්ලිලා ඉන්න නිළියෝ රෑ එළිවෙනකම් කැසිනෝශාලාවල කාකා, බීබී වේළෙනවා. කස්‌ටමර්ලා දිහා බලන්නෙ නෑ. බලෙන් ඇවිත් ඇඟේ වේලුණත් පයිසෙකට ගණං ගන්නේ නෑ’

Related Posts

අඩි 27 ක් දිග පිඹුරෙකුගේ කුසෙන් දෙදෙරු මවකගේ සිරුරක් එළියට ගනී – ඇඟ හිරිවැටෙන වීඩියෝව මෙන්න

කඳානේදී යතුරුපැදියක් දුම් රියේ ගැටී සිදුවූ අනතුරේ cctv දර්ශන – තත්පරයක් ඉවසන්න බැරි කමින් ජීවිතය අහිමි කර ගත් හැටි – කඳානම හැඬවූ යතුරුපැදි අනතුර .! (VIDEO)

කාගෙත් කතා බහට ලක් වූ යුරේනිගේ අමුතුම ෆොටෝ ෂූට් එක බලන්න දැක්කම ඔයාලට යුරේනි කන්න හිතෙයි

කුඩු වෙනුවට තමන්ගේ ඇඟ විකුණන අනුරාධපුර 23 හැවිරිදි සුරූපී තරුණිය කොටුවුණු හැටි

බංග්ලාදේශ ගණිකා නිවස්න කලාපයේ ලොවක් කැළඹූ ඡායාරූප එකතුව මෙන්න – Photos

දෙවැනි ඉනිමේ උදෙනියි චන්දිමාල්ගෙයි හුටපටේ මෙකද්ද? පැතිරෙන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

Comments

Reply comment

Your email address will not be published. Required fields are marked *