මේ සතිය ඔබට කොහොමද බලන්න – ජූලි 22 සිට 28 තෙක් ඔබට කොහොමද?

2018 ජූලි මස 21 වන සෙනසුරාදා – අද දවස ඔබට කොහොමද?

මේෂ ලග්නය

මිශ්‍ර ඵල සහිත වේ. තද සිත් ඇති වේ. අන් අයගේ උදව් උපකාර නොලැබේ. මුත්‍රා ආසාදනවලට හේතුවේ. සිත් තැවුල් ඇති වේ. හිත මිත්‍රාදීන්ගේ කටයුතුවලට සහය වේ. දේශාන්තර දෙයින් හෝ පිට පළාත්වලින් ආදායම් ලැබේ. අනියම් ප්‍රේම බන්ධනයක් හේතුවෙන් කරදර පැටලීමට ඉඩකඩ පවතී. කතාවෙහි දක්ෂ දිනෙන් දින වෙනස් බව පෙන්නුම් කරයි. වාද විවාද කර ජය ගනී. ආඩම්බර ගති ඇතිවේ. උරුම ලැබිමට හේතුය. ජු නිර්භීත සත්‍යවාදීව කටයුතු කරයි. ආගමික කටයුතුවලට ලැදි වේ. දෙමව්පියන්ට සහ සහෝදරයින්ට ලැදි වේ.
සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, සෙනසුරාදා
සුබ වර්ණ – රතු සහ නිල්
සුබ අංක – 1, 2, 4, 5, 7, 9
සුබ මැණික් – රතු, කොරල්, රතු මැණික්

වෘෂභ ලග්නය

මිශ්‍ර ඵල සහිත වේ හික්මීම සහ ප්‍රසිද්ධිය ලබාගනී. කතා බහුල වේ. චංචල ගති ඇති වේ. එක් අරමුණකින් කටයුතු කිරීමට නොහැකිවේ. ලෞකික සැප සම්පත් ලැබේ. වැඩිහිටියන්ට අකීකරු වේ. ස්ත්‍රී පක්ෂය කෙරෙහි සිත් නැඹුරු වේ. ගමන් බිමන් බහුල වේ. බෝවෙන රෝගවලට හේතුයි. යහපත් දේ ලැබෙයි. නින්දා අපහාසයන්ට හේතුවන අතර අනුන්ට දීම විනා ලැබිමක් නොමැත. සහෝදරයින්ට ශුභ නොවේ. දියුණුවට පැවැති බාධා මගහැරේ. ශරීර සැප ඇති වේ. උදාර ගුණ සහිත වේ. ත්‍යාගවන්ත වේ.

සුබ දවස් – බදාදා, සිකුරාදා, ඉරිදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි
සුබ අංකය – 06
සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

මිථුන ලග්නය

මිශ්‍රඵල සහිත වේ. කතා බහුලයි. වාද විවාදවලදී ගැටුම් ඇතිවිය හැකිය. සැප මානය අඩුකරයි. ඇස් රෝග සාදයි. ආහාර රුචිය අඩු කරයි. පැණි රස ආහාරයට ප්‍රිය වේ. හදිසි අනතුරුවලට හේතු වේ. ශල්‍යකර්මවලට බොහෝ ඉඩකඩ පවතී. නිතර ගමන් බිමන් යෙදේ. මුදල් යහමින් අතෙහි ගැවසේ. පණ්ඩිත ගුණ වර්ධනය වේ. විශ්වාසය රැකගනී. මුදල් වියදම් කිරීමට මාර්ග පෑදේ. පාදයේ ආබාධයක් ඇතිවීමට ඉඩ ඇත. හමේ රෝගවලට ඉඩකඩ ඇත. සතුරන් නසා ජය ගැනීමට හැකි වේ.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ වර්ණ – කොළ, කහ
සුබ අංකය – 3, 5
සුබ මැණික් – පච්ච

කටක ලග්නය

මිශ්‍රඵල සහිත වේ. උදේ‍යා්ගයෙන් පිබිදුණු ගතියෙන් සතිය ආරම්භ කරයි. මොනම කටයුත්තකදීවත් පසුබට නොවේ. ‍පොදු කටයුතුවලදී කැපී පෙනෙයි. හදිසි රෝග සාදයි. විශේෂයෙන් පීනස් රෝග සාදයි. සූදු ක්‍රීඩාවට සිත් වේ. ආමාශයේ තෙත ගති රෝග සාදයි. විශේෂයෙන් පීනස් රෝග සාදයි. සුදු ක්‍රීඩාවට සිත් වේ. ආමාශයේ තෙත ගති රෝග සාදයි. තම දේපළ නාස්ති වීමට ඉඩ ඇත. හවු‍ලේ කටයුතු කිරීම අසීරු වේ. නිවුණු ගති ඇතිවේ. වැඩි කරදර නොමැතිව අඩුපාඩුකම් මගහැරි එක්තරා තත්ත්වයකට ජීවත් වේ.

සුබ දවස් – ඉරිදා, සඳුදා,
අඟහරුවාදා, අඟහරුවාදා, සිකුරාදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්
සුබ අංකය – 2, 7, 9
සුබ මැණික් – මුතු

සිංහ ලග්නය

ශුභ ඵල ගෙන දේ. දේශ දේශාන්තර ගමන් සඳහා ශුභ වේ. ඥාතීන්ට හිතවත් වේ.
නිශ්ඵල වියදම් වේ. අධික කාමාශා ඇති කරයි. උදරාබාධයන්ට හේතුවේ. සතුරන් අඩුවේ. ආහාර රුචිය වඩවයි. සිත පවිත්‍රවේ. නෑදෑයින්ට සලකයි. පහසුවෙන් රෝග බෝවේ. උණ රෝග සෑදීමට හේතුවේ. දැකීමට ප්‍රියවේ. කොන්ත්‍රාත් ආදී ව්‍යාපාර තුළින් ලාභ ලබයි. දූ කෙළියට සිත් යොමු වේ. ස්වකීය ශක්තියෙන් කටයුතු කර දියුණු වේ. පාප ක්‍රියාවන්ට සිත් ඇතිවේ.

සුබ දවස් – ඉරිදා, අඟහරුවාදා, බදාදා, සිකුරාදා
සුබ වර්ණ – රතු
සුබ අංකය – 1, 4
සුබ මැණික් – පද්මරාග

කන්‍යා ලග්නය

ශුභ ඵල ගෙනදේ. සියලු අරිෂ්ඨ යෝග භංගවේ. සමාජයෙන් වැඩිහිටියන්ගෙන් ආධාර උපකාර ලැබේ. ආ ගිය තැන පිළිගනී. ලෞකික දියුණුවට යහපති. ඇවිදිලි අධික වේ. උත්පාදන ශක්තිය වැඩිකරයි. පී්‍රති සහගත දේට වියදම් කරයි. උසස් මිතුරන්ගෙන් උදව් උපකාර ලැබේ. කෙසේ හෝ ධනය උපයයි. රූප ශෝභාවට නිකරුණේ වියදම් කරයි. පපුවේ වාත රෝගවලට හේතුයි. ධර්මයට ප්‍රියවේ. යහපත් සිල් ඇත්තෙක් වේ. රහස් සංගම්වලට සිත්වේ.

සුබ දවස් – බදාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා
සුබ වර්ණ – කොළ
සුබ අංකය – 2, 3, 5, 7
සුබ මැණික් – පච්ච, ගෝමේද

තුලා ලග්නය

මිශ්‍ර ඵල සහිතවේ. සියලු කාර්යයන්හි ශූර වේ. එකක් වරදින විට තව එකක් පටන් ගනී. ධර්මයට සිත් ඇතිවේ. ගෘහ ජීවිතය යහපත් වේ. ස්වකීය ධෙර්යයයෙන් කටයුතු කර දියුණු වේ. ඉතා ත්‍යාගවන්ත වේ. එහෙත් තද ලෝභියෙකි. කොපමණ ධනය තිබුණත් අනුන් තලා පෙළා ධනය රැස් කිරීමට ආශා කරයි. පතිවෘත්තාව රක්ෂා කරයි. දත් රෝග සෑදීමට බොහෝ ඉඩ ඇත. කථාවෙහි දක්ෂ වේ. සාමාන්‍ය ජීවිතයක් ගත කරයි. ලෞකික සාමෙ හේතුවේ. නිතර මුදල් අත ගැවසෙයි. උගුරේ සෙම්ගෙඩි හෝ ගලපටල රෝගයන්ට හේතුවේ.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – සුදු, ක්‍රීම්, අයිවරි
සුබ අංකය – 06
සුබ මැණික් – දියමන්ති, සුදු මැණික්

වෘශ්චික ලග්නය

මිශ්‍ර ඵල සහිත වේ. බොහෝ දුරදිග බලා කටයුතු කරයි. වැඩි ප්‍රවේශම් ගතියක් තිබේ. ගතිගුණ චංචල වේ. විපත්තියේදී ඉතා ඉවසිලිවන්තවේ. පලතුරු කෑමට ආශා කරයි. උසස් අය ඇසුරට ලැබේ. දක්ෂ වේ. සතුරන් පරාජය වේ. පියාට භක්තිවන්ත වේ. වැඩිහිටියන්ට සලකයි. දුක් කරදර ගමන්වලට හේතුයි. මුදල් වියදම් අධිකවේ. ඉතිරි කිරීමට නොහැකි තත්ත්වයක් උදාවේ. ආගමික භක්තිය හීනවේ. තමන්ගේ යහපත උදෙසාම කටයුතු කරයි. එඩිතර ගති ඇතිවේ. මානය ඇතිවේ.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු
සුබ අංකය – 1, 2, 4, 5, 7
සුබ මැණික් – රතු මැණික්, කොරල්

ධනු ලග්නය

මිශ්‍ර ඵල සහිතවේ. සූර අයකුවේ. පවුලට හිතවත්වේ. ධර්මයට ප්‍රියවේ. අන් අයගේ කටයුතුවලට උදව් කරයි. ස්වකීය ධෛර්යයෙන් කටයුතු කර දියුණු වේ. වික්‍රමවන්ත වේ. තම උත්සාහයෙන් ධනය රැස්කර සැප විඳී. උදරයේ රෝග සහිතවේ. එක්තරා පිළිවෙළකට චාම් දිවියක් ගත කරයි. සතුරන් හීනවේ. සර්ප දෂ්ඨනයකට හේතුවේ. ජලයෙන් ප්‍රවේශම් වන්න. ආගමික භක්තිය හීනවේ. මුදල් වියදම් කිරීමේදී ගණන් හිලව් නොබලයි. කරන වෘත්තියෙන් ලාභ ලැබේ. පියාට ගුණදේ

සුබ දවස් – ඉරිදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – කහ
සුබ අංකය – 3, 5, 6, 8
සුබ මැණික් – පුෂ්පරාග

මකර ලග්නය

මිශ්‍ර ඵල සහිතවේ. බලය වර්ධනය වේ. බාහිර සැප කොතෙක් වින්දත් සිත් සැප හිනවේ. අනුන්ට සංග්‍රහ කිරීමට ආශාවෙන් ඉදිරිපත්වේ. දීම මිස කතා අඩුවේ. භාර්යාවට අපල වේ. වණ රෝග හෝ කුෂ්ඨ රෝග හටගනී. ස්වකීය කටයුතු කරගත නොහැකිවේ. සිත් තැවුල් ඇතිවේ. කරන කියන දේවල් සඵල අඩුවේ. දරුවන්ගෙන් සැප නැත. අර්ශස් හෝ මුත්‍ර රෝග නැතහොත් ලිංග රෝග සාදයි. මිතුරන් අධිකවේ. ඒ මිත්‍රයෝ සියල්ලෝම ස්ථිර නොවේ. තම ලෞකික දැනුම පිණිස ධනය රැස් කරයි. හවුල් කටයුතුවලින් වාසි නොලැබේ.

සුබ දවස් – අඟහරුවාදා, බදාදා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – නිල්
සුබ අංකය – 6, 8, 9
සුබ මැණික් – නිල් මැණික්

කුම්භ ලග්නය

මිශ්‍ර ඵල සහිතවේ. තම ඥාතීන්ට උදව් උපකාර කරයි. ශරීර සැප වර්ධනය වේ. අනුන්ගේ දේපළක් හිමිවීමට හේතුයි. සැපයෙන් සිත සතුටු නොවේ. අන් අයට සංග්‍රහ කිරීමට ධනය වැය කරයි. දරුවන්ගෙන් සතුටුවීමට නොහැක. තමන්ගේ ජීවත් වීමට අනුන්ට කරදර නොකරයි. නිතර දුකින් කාලය ගත කරයි. ජලයෙන් ප්‍රවේශම් වන්න. අනතුරු විය හැකියි. ස්වකීය දේ ඉටුකර ගැනීමට නොහැකිව තැවෙන කාලයකි. ඇවිදීම් බහුලවේ.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා, සිකුරාදා, සෙනසුරාදා
සුබ වර්ණ – රතු, නිල්
සුබ අංකය – 3, 8, 9
සුබ මැණික් – කාක නිල්

මීන ලග්නය

මිශ්‍ර පළ සහිතවේ. මනා හික්මීමක් ඇතිවේ. මුදල් යහමින් ලැබේ. සීලවන්ත වැඩිහිටියන්ට පූජක පක්ෂයට ගරු කරයි. දරුවන්ට ශුභ වේ. මැදිහත් සිතින් කටයුතු කරයි. මානය රැකගනී. යහගුණයෙන් උසස් වේ. සර්ප දෂ්ඨනයකට හේතුවේ. පිනට දහමට ආශාවේ. කරන ක්‍රියා බොහෝ අවස්ථාවල සඵල නොවේ. ජීවත්වීමට හැකි ආදායමක් ලැබේ. විදේශ සංචාරය සඳහා සුදුසු වේ.
මිතුරන් අඩුවේ. නැටුම් ගැයුම් ඉගෙනීමට ආශා කරයි. ආහාර තෝරා ගැනීමේදී ප්‍රවේශම් වන්න. උදරාබාධවලට හේතුවිය හැකිය.

සුබ දවස් – අඟහරුවාදා, බ්‍රහස්පතින්දා
සුබ වර්ණ – රතු, කහ
සුබ අංකය – 3, 9
සුබ මැණික් – පුෂ්පරාග, වෛරෝඩී

Author:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *