කටින් පෑන හසුරවමින් අකුරු ලියා ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රශ්න පත‍්‍රයට පිළිතුරු ලියමින් ලකූණු 145 ක් ලබා ගැනිමට මාවනැල්ලේ කොටගල විශේෂ පාසලේ දිනුෂා බණ්ඩාර දියණියට හැකියාව ලැබි තිබෙනවා. මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ඉහළ ලකුණු ලබා හපන් කම් පෑ දක්ෂතා පෙන්නු දරුවන් ගැන මුළු රටේම අවදානය යොමු වෙද්දි කායික අබාධිත දියණියක් කටින් අකුරු ලියා මෙලෙස ඉහළ ලකුණු ලබා ඇත්තේ මුල් වතාවටයි. මෙම කායික ආබාධිත දියණියට කටින් අකුරු ලිවිම හා චිත‍්‍ර ඇදිමට මෙන්ම බොහෝ අවශ්‍යතා තමන්ටම සපුරා ගැනීමට හැකියාව තිබීම විශේෂත්වයක්. එසේම ඇය සමස්ත ලංකා මට්ටමින් පවා චිත‍්‍ර ඇද ජයග‍්‍රහණ කර තිබීම විශේෂත්වයක්.

ඒ අනුව ලංකාවේ ශිෂ්‍යත්වය විභාගයට පෙනි සිටි දරුවන් අතරින් මෙවැනි හපන්කමක් කර ඉහළ ලකුණු මට්ටමක් ලබා ගත් ඇය ශිෂ්‍යත්වයෙන් ඉහළ ලකුණු මට්ටමක් ලබා ගැනිම කාගෙත් කථා බහට ලක් වි ඇති හෙයින් ඇය සොයා අප පසුගියදා මාවනැල්ල කලාපයට අයත්  කොටගල අශෝක පුර විශේෂ පාසල වෙත ගියා.

අඩු මානසිකක තත්වයක් ඇති ළමුන් නේවාසිකව රැක බලා ගෙන පුනරුත්තාපනය කරන මෙම මධ්‍යස්ථානය මගින් ඔවුන්ට අධ්‍යාපනයද ලබා දෙනවා. අත් පා ඇති දරුවන්ට සමාජයේ තම අයිතිවාසිකම් සියල්ල අඩුවක් නැතිව ලැබෙන විට අඩු මානසික තත්වයන් මත උපදින පිරිස් සඳහා ලැබෙනුයේ අඩු සැලකිල්ලක් සේම පැහැදිලි අනාගත සැලසුමක් නොවේ. මේ නිසා විවිධ හැකියාවන් ඔස්සේ ඉදිරියට යන දුවා දරුවන්ට තම හැකියාවන් වර්ධනය කර ගන්නට අවස්ථාව හා අධ්‍යාපනය ලබන්නට පාසලක්ද මෙහි ක්‍රියාත්මක වනවා. මෙම පාසලේ විදුහල්පතිනිය ලෙස කටයුතු කරන ඒ.එස් සිරිවර්ධන ගුරු මහත්මියය විසින්  මෙවර ශිෂ්‍යත්වයෙන් ලකුණු 145 ක් ලබා ගත් දිනුෂා බණ්ඩාර දියණිය ගැන ප්‍රකාශ කළේ මෙවැනි අදහසක්.

මේ දරුවා තමයි කටින් චිත‍්‍ර හා අකුරු ලියන අපේ පාසලේ ඉන්න එකම දරුවා. දැන් මෙයාට අවුරුදු 11 ක් වෙනවා. අපේ පාසලෙන් මේ වන විට ශිෂ්‍යත්වයට පෙනි සිටි දරුවන්ගෙන් ලකුණු 145 ක වැනි වැඩි ලකුණු ලබා ගත් එකම දරුවා වන්නේද ඇයයි. දිනුෂා ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වුයේ නැති වුනත් ඇය අත් පා ඇති දරුවන් හා සමකරද්දි අපේ දිනුෂා විභාගයට අකුරු ලිවේ කටින්. ලංකාවේ එවැනි හපන්කමක් කර ඇති එකම දරුවා මෙ පාර ඇය වෙන්න ඇති කියලායි මාගේ විශ්වාසය. ඒ නිසා ඇයගේ ලකුණු මට්ටමත් ඇයගේ හපන්කම ගැනත් දක්ෂතාවය ගැනත් අද සමාජයේ කථා බහට ලක් වි අවසන්. මෙ දක්ෂතාවය ගැන අපෙන් ගොඩාක් අය කථා කරලා අහනවා දිනුෂා දියණිය බලන්න එනවා. ඒ වගේම සුභ පතනවා.

මේ පාසලේ මෙවර ශිෂ්‍යත්ව විභාගයට දරුවන් 5 දෙනෙක් ඉදිරිපත් වුනා කායික අබාධිත තත්වය වැඩියෙන්ම ඇති දිනුෂා දියණියට බලවත්ගම මහා විද්‍යාලයේ තිබු විභාග ශාලාවේදි ප‍්‍රශ්න වලට පිළිතුරු ලියන්න වුනේ කටින්. ඇයගේ අත් පා අබාධිත නිසා ඇය එලෙස විභාගයට මුහුණ දුන්නා. කායික අබාධිත දරුවෙක් නිසා විනාඩි 10 ක් සාමන්‍ය කාලයට වඩා වැඩිපුර ලබා දිමට රජයේ අධ්‍යාපන බලධාරීන් පියවර ගෙන තිබුණා. කවදත් සීනාමුසු මුහුණින් සිය කාරියන් ආරම්භ කරන දියණිය ඇයගේ හැකියාව අනුව අප කායික අබාධිත දරුවන්ගේ පාසලේ ඉගැන්විම් වලදි ලබා ගත් අධ්‍යාපනික දැනුම උපයෝගි කරගෙන මෙම දක්ෂතාවය පෙන්වා තිබෙනවා.

අපේ මව් ආයතනය වන ප‍්‍රීති පුර ළමා නිවාසයට මෙයාව අවේ ඉපදීලා දවස් ගාණකින්. මෙයාගේ දෙමාපියෝ ඉන්නේ කුරුනෑගල දරුවා ලැබිලා තියෙන්නේ කොළඹ ජාතික රෝහලෙන් අපේ ප‍්‍රීතිපුර ළමා නිවාසයට රෝහලෙන් කොල් කරලා විස්තර කිවාට පස්සේ අපි ගිහින් අරන් ඇවිල්ලා හදා ගත්තා. මෙයාව ලැබුණාට පස්සේ  කායික අබාධිත තත්වය දැකලා දෙමාපියෝ ගොඩාක් දුක් වෙලා. මව මානසිකව ගොඩාක් වැටිලා. රෝහලේ වෛද්‍යවරු පවා කිවාලූ දරුවා ටික දවසකින් මිය යන්නට බැරි නැහැ කියලා. නමුත් දැන් වයස අවුරුදු 11 යි. අවුරුදු කිහිපයකට පස්සේ අධ්‍යාපනය ලබන්න අපේ මේ පාසලට ප‍්‍රීතිපුර ළමා නිවාසයේ ඉදලා දරුවා පැමිණියා.

අද වෙන කොට චිත‍්‍ර ඇදලා සමස්ථ ලංකා තරග පවා ජයග‍්‍රහණය කරලා තියනවා. අවුරුදු 5 දී තමයි මුලින්ම මෙයාව චිත‍්‍ර ඇදලා දිනුවේ. අපේ පාසලේ අකුරු ලියන ඒවා පවා ලස්සනට දුව විසින් සිදු කරනවා. මුඛය පාවිචිචි කරලා. පස්සේ අපි කටින් අදින එකට වඩා ලේසි වෙයි කියලා නළලට උපකරණයක් සවි කරා නමුත් එක කරදයි. බෙල්ල ගොඩාක් වෙහෙසට පත් වෙන හින්දාම නැවත වතාවක් කටින් ඒ කාරිය කරන්න ඉඩ කඩ දුන්නා. ඒ විදිහට අද වෙන කොට තම බොහෝමයක් කාරියන් ඇය එලෙස සිදු කර ගන්නවා. චිත‍්‍රයට අවශ්‍ය පාට පවා තමන් විසින්ම තෝරා ගෙන කටින් පාට පෙට්ටියෙන් එකින් එක තෝරා ගන්නා ඇය. පුදුමයට කාරණය වන්නේ කිසිදු කටුසටහනක් නොගහා පාට එකින් එක තෝරමින් චිත‍්‍රයේ වැඩ කොටස් අවසන් කිරිමයි.

Related Posts

Related Posts

සෑම මිනිසෙකුටම බිරින්දෑ වරුන් 4 දෙනෙක් ඉන්නවලු බලන්න ඔබේ බිරින්දෑ වරුන් 4 කවුද කියලා

දරුවන් හතර දෙනෙක් එකවර බිහි කළ පින්බර අම්මා

ලෝකයම දන්න සද්ධන්ත නළුවා පුංචි කෙල්ලෙක් කරකාර බදියි

නින්දට පෙර රෝස පැහැති පෙත්තක් ලබාදී තම දියණියට කුලියාපිටියේ නරුම පියෙක් කල අපරාධය

විෂ ඝෝර සර්පයන් එක්ක සෙල්ලම් දාලා බුකිය පුදුමකළ ලන්කාවේ කෙල්ල

ඔබේ අතතෙත් මේ වගේ රේඛාවක් තියෙනවද? එහෙනම් දැන්ම බලන්න

Comments

Reply comment

Your email address will not be published. Required fields are marked *