ලුණුගම්වෙහෙර පොලිස් වසමේ දකුණු ඉවුර කුඩාගම්මාන තුන ප්‍රදේශයේ දී පසුගිය 04 වනදා කපු මහතෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ලුණුගම්වෙහෙර පොලිසිය සමත්වී තිබේ අත්අඩංගුවට පත් අය ඇඹිලිපිටිය වරාකැටිආර ප්‍රදේශයේ හා අවිස්සාවෙල්ල නාපාවල මෙන්ම කතරගම කවන්තිස්සගම යන ප්‍රදේශයන්හි පදිංචි කරුවන් වේ. දේවාලයේ ප්‍රතිකාර ගැනීමට පැමිණි තම නැගණියට ලිංගික අතවර සිදුකිරීම සම්බන්ධයෙන් බහන්බස් වීමක් දුරදිග යාමෙන් කපුමහතා මියගිය බව ඔවුන් ප්‍රකාශ කර තිබේ.

තම නිවසේ දේවාලයක් පවත්වාගෙන ගෙන ගිය අදාළ කපුමහතා ඔහුගේ දේවාලය තුළදී තියුණු ආයුධයකින් පහරදී පසුගිය 04 වනදා ඝාතනය කර තිබිණි. ඝාතනයට ලක්වූ කපුමහතෙකු ලෙස සේවය කළ පුද්ගලයා දෙදෙරු පියෙකු වන අතර පසුගිය 04 වනදා උදෑසන කපුමහතාගේ නිවස වෙත පමණ තිබු කැබ් රථයක් පිටව යන අයුරු ප්‍රදේශ වාසීන් දැක තිබු අතර ඒ ඔස්සේ ලුණුගම් වෙහෙර පොලීසිය පරීක්ෂණ පවත්වා තිබේ.

පොලීසිය විසින් සිදුකළ මුලික පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ අදාළ කැබ් රථයේ පැමිණි පිරිස දරුවෙකුගේ රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ගැනීම සඳහා කීප අවස්ථාවකදීම මෙම දේවාලයට පැමිණ ඇති බවයි. මේ අතර පසුගිය 03 වනදා කපුමහතාගේ නියමය පරිදි කතරගම වැඩිහිටිකන්දේ පුජාවක් පවත්වා රාත්‍රී දෙහි කැපීමක් සඳහා යළි කපුමහතාගේ දේවාලය පිහිට ලුණුගම්වෙහෙර නිවසට පැමිණ තිබේ.

මෙම අවස්ථාවට අදාළ දරුවාගේ පියා මෙන්ම ඔහුගේ නැගණියක් සහ බිරිඳද සහභාගි වී තිබේ. මේ අතර එදින රාත්‍රී දරුවාට ප්‍රතිකාර කරන අතරතුර දරුවා වඩා ගෙන හිටි දරුවාගේ පුංචි අම්මාට කපුවා ප්‍රකාශ කර ඇත්තේ දරුවා තමාගේ ඇඟට ස්පර්ශවන ආකාරයෙන් හැට්ටය උස්සා තබා ගන්න ලෙසයි.

ඒ අනුව දරුවා රඳවාගෙන සිටි අදාළ තරුණියගේ ඇඟද ස්පර්ශ වන ආකාරයෙන් කපුමහතා මතුරන ලද තෙල් දරුවාගේ අඟේ ගා ඇති අතර මේ අතර තුර දරුවාගේ පුංචි අම්මා වූ 25 හැවිරිදි තරුණිය ආවේශ වී තිබේ. මේ අවස්ථාවේදී කපු මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙතන කට්ටිය හිටියොත් බිල්ලක් දීමට සිදුවන බවත් එම නිසා අදාළ තරුණියට ප්‍රතිකාර කරන තුරු නිවසින් පිටව යන ලෙසයි.

එමෙන්ම අදාළ තරුණියගේ ආරක්ෂාවට තමාගේ මව කැඳවා ගන්න බවටද කපුමහතා ඔවුන්හට ප්‍රකාශ කර තිබේ. කාලයක් තිස්සේ කපුමතාගෙන් දේවාලයේ වැඩකටයුතු කර ගත් මොවුන් කපු මහතාගේ කීමට ඇහුම් කන් දී අඹිලිපිටියේ තම නිවසට ගොස් පසු දා උදෑසන පැමිණ අදාළ තරුණිය රැගෙන නිවසට ගොස් තිබේ.

මේ අතර තුර රෝගී දරුවාගේ පියා වන ඔහුට දේවාලයේ කපුමහතාගෙන් දුරකථන ඇමතුමක් පැමිණ ඈති අතර එහිදී කපු මහතා අසා ඇත්තේ නංගි කොහෙද කියාය නංගි නැති බව ප්‍රකාශ කිරීමෙන් අනතුරුව කපු මහතා ඔහුගේ නැගණියගේ ජංගම දුරකථනයටද ඇමතුමක් ලබා ගෙන ඇති අතර එම අවස්ථාවේදී අදාළ රෝගී දරුවාගේ පියා වන ඇයගේ සොහොයුරාද එතන සිට ඇත.

“ඔයා පෙත්තක් ගත්තද” යන්න මෙන්ම කන්තාවක් සමඟ කතා කරීමට නුසුදුසු ආකාරයෙන් කපුමහතා නැගණියට කතා කළ දුරකථන ඇමතුමට සවන් දුන් ඔහුට ඇසී තිබේ.

මේ සමගම කෝපයට පත් අදාළ පුද්ගලයා තමාට දේවාලය සම්බන්ධයෙන් තොරතුරු ලබා දුන් අවිස්සාවේල්ල ප්‍රදේශයේ හිතවතා මෙන්ම, කතරගම ප්‍රද්ශයේ පදිංචි අයෙකුද සමඟ 04 වනදා උදෑසන කපුමහතාගේ දේවාලය පැවති නිවසට පිමිණ නංගිට සිදුකළ දේ ගැන විමසා තිබේ එහිදී කපුමහතා ප්‍රකාශ කර ඇත්තේ නංගි ගෙනත් දේවාලයේ නවත්වන ලෙසයි.

මෙහිදී කෝපයට පත් තරුණයා ඔහුට අතින් පහරක් ගසා තිබේ එවිට කපුමහතද ත්‍රිශූලයෙන් පහර දීමට උත්සහ ගැනීමේදී කකුල් දෙකට එල්ල කරන ලද පහරින් ඔහු වැටි ඇති අතර ඒ අතරතුර කතරගම ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අය අත තිබු පිහිය කපුමහතාගේ සිරුරට ඇණ තිබේ.

පසුව තමන් පැමිණි කැබ් රථයෙන්ම පලා ගිය බවත් එම පිහියද කපුමහතාගේ බවත් අඩංගුවට සැකකරුවන් පොලීසියට ප්‍රකාශ කර තිබේ. අත්අඩංගුවට පත් ඇඹිලිපිටිය වරාකැටිආර ප්‍රදේශයේ අය වයස වුරුදු 32 ක් හා අවිස්සාවෙල්ල නාපාවල පදිංචි අය වයස අවුරුදු 40 ක් මෙන්ම කතරගම කවන්තිස්සගම යන ප්‍රදේශයන්හි පදිංචි ඇයගේ වයස අවුරුදු 20 ක් වේ.

Related Posts

අඩි 27 ක් දිග පිඹුරෙකුගේ කුසෙන් දෙදෙරු මවකගේ සිරුරක් එළියට ගනී – ඇඟ හිරිවැටෙන වීඩියෝව මෙන්න

කඳානේදී යතුරුපැදියක් දුම් රියේ ගැටී සිදුවූ අනතුරේ cctv දර්ශන – තත්පරයක් ඉවසන්න බැරි කමින් ජීවිතය අහිමි කර ගත් හැටි – කඳානම හැඬවූ යතුරුපැදි අනතුර .! (VIDEO)

කාගෙත් කතා බහට ලක් වූ යුරේනිගේ අමුතුම ෆොටෝ ෂූට් එක බලන්න දැක්කම ඔයාලට යුරේනි කන්න හිතෙයි

කුඩු වෙනුවට තමන්ගේ ඇඟ විකුණන අනුරාධපුර 23 හැවිරිදි සුරූපී තරුණිය කොටුවුණු හැටි

බංග්ලාදේශ ගණිකා නිවස්න කලාපයේ ලොවක් කැළඹූ ඡායාරූප එකතුව මෙන්න – Photos

දෙවැනි ඉනිමේ උදෙනියි චන්දිමාල්ගෙයි හුටපටේ මෙකද්ද? පැතිරෙන කතාවේ ඇත්ත නැත්ත මෙන්න

Comments

Reply comment

Your email address will not be published. Required fields are marked *