මං කොහොමටවත් හිතපු නැති විදියට මිනිස්සු අතරට ගියා

ඡායාරූපය දැකල නේද ඔබ එකපාරටම නතරවුණේ. ඒ ඇයට ඔබ ඒ තරමටම කැමැති නිසානේ. නර්තනයෙන් නිවේදනයෙන් ඇය ඔබේ හිත තදින්ම අල්ලගෙන ඉන්නේ. ඔව් ඔබ වගේ ඇයට බොහෝ දෙනා කැමැතියි. ඒ හින්දා  ඇය කියන්නේ මොනවාද කියල බලමු. මේ ඔබ වඩාත් ආදරය කරන සචිනි නිපුන්සලා.

සචිනි මොකද කරන්නේ ?

මේ දවස්වල ඉතිං සුපුරුදු විදියට වැඩ කරගෙන යනවා. දෙරණ ලිට්ල් ස්ටාර් සහ චැම්පියන් ස්ටාර් වැඩසටහන්වල නිවේදන කටයුතු කරගෙන යනවා. ඊට අමතරව Youtube චැනල් එකේ වැඩ කරගෙන යනවා.

නර්තනය සහ නිවේදනය දෙක කොහොමද ඔබ සමබරව කරගෙන යන්නේ ?

නර්තනය මම ළඟදී පටන් ගත්ත එකක්. පුංචිකාලේ ඉඳන් මම කැමැතියි නර්තනයට. නමුත් මට ඒක වෙනම කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. මම නර්තනය ඉගෙනගෙනත් නැහැ. තිබුණ කැමැත්ත නිසාම තමයි පටන් ගත්තේ. සමබරව කරගෙන යනවා කියන්නේ මම ඒක ගොඩක් කැමැත්තෙන් කරන්නේ. භාරගත්ත වැඩ අවසන් වුණාම ෂේප් එකේ වෙලාවක් දාගෙන ඒ දේවල් පුහුණුවීම් කටයුතු කරගෙන යනවා.

ඔබ නර්තනය ඉගෙනගෙනත් නැතිනම් කොහෙන්ද ඔබට නර්තනයට දක්ෂතාව එන්නේ ?

මම ලිට්ල් ස්ටාර් කරන්න පටන් ගත්තට පස්සේ පොඩි කාලේ ඉඳන් නටන්න මගේ හිතේ තිබුණ ආසාව වැඩිවෙනවා. අවුරුදු 10 ක වගේ ඉදන් එක දිගට ලිට්ල් ස්ටාර් වේදිකාවේ නිවේදන කටයුතු කරනවා. ඒ දේවල් දැකලම සහ ඒ දේවල් වලින් මම ගොඩක් දේවල් ඉගෙනගත්තා. ඒ හින්දා මට ඒක ගොඩක් දැණුනා. ඒ වගේම මම නර්තනය ගැන ලංකාවේ වගේම ලෝකෙම නර්තනයන් ගැන හොයන කෙනෙක්. ඒ දේවල් මම ගොඩක් බලනවා. ඒ නිසා වෙන්න ඇති මේ හැකියාව මට එන්න ඇත්තේ.

Youtube විසේකාරී නමින් තමයි අද ඔබ ප්‍රසිද්ධ.Youtube එක හරහා මොකක්්ද මේ කරන්න යන්නේ ?

ඒක ඇත්තටම අහම්බෙන් වෙච්ච දෙයක්. මට ලැබුණු ආරාධනාවකට තමයි මම විසේකාරී නටන්න යන්නේ. ඒක මං කොහොමටවත් හිතපු නැති විදියට මිනිස්සු අතරට ගියා. මිනිස්සු ඒකට කැමැති වුණා. ඒක මම කිසිම විදියකට සැලසුම් කරලා කරපු දෙයක් නෙවෙයි. නමුත් ඒකෙන් පස්සේ මට හිතුණා ජාත්‍යන්තරයේ කලාකාරයනුත් ඒ දේ කරන නිසාYoutube චැනල් එකක් පටන්ගන්න. දෙරණ ආයතනයේ විධායක අධ්‍යක්ෂක මාධව මඩවල මහතාගේ අදහසකට අනුව තමයි මම චැනල් එක පටන්ගත්තේ. අහම්බෙන් වුණාට හිතුවට වැඩිය ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙන්න ගත්තා. ඒ ගැන ලොකූ සැලසුම් නැහැ. මිනිස්සු කැමැති තාක් මිනිස්සු බලන තාක් මම ඒක කරගෙන යන්න තමයි හිතාගෙන ඉන්නේ.

නර්තන රියැලිටි තරගයකට ඔබට ආරාධනා කළොත් ඔබ ඒ ආරාධනාව භාරගන්නවාද ?

දෙරණ මට ගෙදර වගේ. ඒ ආයතනයේ මම ස්ථිර රැකියාවක් කරන්නේ. නර්තනය මගේ විනෝදාංශයක් විතරයි. නර්තනය පැත්තෙන්Youtube එක විතරක් කරගෙන හිටියොත් හොඳයි කියලා මම හිතනවා.

නර්තන වැඩමුළුවක් කරනවා කියලා ආරංචියි ?

ඔව්. ඒ කතාව හරි. මගේ ඇෙග් තියෙන්නෙ බොලිවුඩ් ඩාන්සින්. ඒ හින්දා පබ්ලික් එකත් එකතු කරගෙන ඔවුන්ට පොඩි වැඩමුළුවක් කරන්න හිතුවා. මං දන්න දේවල් ඒ අයත් එක්ක බෙදා හදාගන්න. මේ මාසේ 09 වැනිදා තමයි තියෙන්නේ. උදේ 10.30 ඉඳන් 12.30 වෙනකම් නුගේගොඩ පාගොඩ පාරේ තියෙන ස්ට්‍රෙච් ඩාන්සින් ස්කූල් එකේ තමයි තියෙන්නේ. නටන්න කැමැති හැමෝටම ආරාධනා කරනවා එදාට එන්න කියලා.

මේ තරම් කාලයක් නිවේදනය කරන ඔබට රංගනයට ආරාධනා ලැබුනේ නැද්ද ?

ආරාධනා ලැබිලා තියෙනවා. නමුත් රංගනයට මම උනන්දු නැහැ. අපිට සතුටුවෙන්න පුළුවන් දෙයක්නේ අපි කරන්න ඕනෑ. රංගනයට මම උනන්දු නැති නිසා මං ඒ ගැන හිතන්නේ නෑ. රංගනයට දක්ෂතාවයක් තියේවිද කියන්නවත් මම දන්නේ නෑ.

සචිනි ගොඩක් ආඩම්බරයි කියලා බොහෝ දෙනෙක් කියනවා ?

මට ඉස්සර ගොඩක් අය එහෙම කියනවා. මම පවුලේ එකම දරුවා. ඒ හින්ද තනියම තමයි ගොඩක් හැදුණේ. මිනිස්සුත් එක්ක ඉන්න ඕනෑ කියන දේ මම දැනගෙන හිටියේ නෑ. නමුත් දැන් මම එහෙම නෑ. ගොඩක් මිනිස්සු මාත් එක්ක කතාබහ කරනවා.

දැන්ම විවාහවෙන්න අදහසක් නැද්ද ?

දැන්ම විවාහවෙන්න හිතලා නැහැ. කාලය ආවම ඒ දේවල් සිද්ධ වෙයි. හැමදේටම වෙලාවක් තියෙනවනේ. බලමු වෙලාව ආවම.

ප්‍රසංග මාභරණ

Related Posts

Author:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *